ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2010-03-30

එරබදු යායේ වසන්තය - 2010 මැවිසුරන්ගේ සූර්ය මංගල්‍යය






























ආහ් කොහොමද ඉතින්..????????

ඔන්න ටික කාලෙකට පස්සෙ ආපහු ආවා බ්ලොග් එක පැත්තේ ……

වෙන මොකවත් ගැන නෙවෙයි අපේ යුනි එකේ තිබුනු අවුරුදු උත්සවය ගැන කියන්න

ඒක නම් කරල තිබුනේ එරබදු යායේ වසන්තය -2010 මැවිසුරන්ගේ සූර්ය මංගල්‍යය කියලා….

ලස්සන නම නේ ??? හික් හික්….

මේක සංවිධානය කලේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය විසින්….

ඔය මැවිසුරන් කියන්නේ ඉංජිනේරුවන්ට කියන හරි සිංහල වචනයනේ

ඒකයි එහෙම නම දැම්මේ…….

උත්සවය පැවත්වුනේ 27 වෙනිදා

කැම්පස් එකේ පොඩි නිදහස් ඉඩ කඩක් තියනවා ඒකට අපි කියන්නේ ලගාන් එක කියලා

ඒකෙ සාමාන්‍යයෙන් වැඩිපුර ඉන්නේ ආදරවන්තයින් හික් හික්

එතන තමයි උත්සවය පැවත්වුනේ…..

යූනියන් එකේ මූලිකත්වයෙන් ලෙවල් 2 සහ ලෙවල් 1 කන්ඩායම් වල සහයෝගීත්වයෙන් තමයි වැඩේ සිද්ධවුනේ................


සති දෙකක විතර ඉඳන් අපි මේකට ලෑස්ති වුනා….

ලගාන් එක තනිකරම ගමක් විදියට හැදුවා..

ඒකට අපේ බැච් එකයි ලෙවල් 1 මල්ලිලා හා නංගිලයි ගොඩක් මහන්සි වුනා කිව්වොත් හරියටම හරි….. ගමගෙදරක්... ගමේ කඩයක්..... එතකොට වී බිස්සක්... තව චෛත්‍යයක්.... ඔන්චිල්ලාවක්.... කමතක්... පාලමක්... මේ හැම දේකින්ම පිරුනු තැනක් තමයි අපි හැදුවේ….

ලී දඬු හිටවලා ඒවට ගෝනි තියලා මැටි ගාලා වහලට පොල් අතු දාල….. හික් හික්

මාරම ෆන්….

ආහ්!!!!!!!!!! කියන්න අමතක වුනානේ ඉස්සරහ ගහපු තොරණ ගැන..... ඒකනම් හුඟක් ලස්සන තොරණක්සෑහෙන මහන්සියක් අරගෙන තිබුනා ඒක හදන්න….

මහන්සිය වගේම උපරිම විනෝදෙකුත් එක්ක තමයි වැඩේ ගියේ..

අන්තිම දවස් දෙක තුන කාටවත් නින්දක් නෑ.... එක දිගට වැඩ….

හැමදාම බෝඩිමට යනකොට පාන්දර 4.00ත් පහු වෙලා..

කොහොම හරි මාර්තු 27 වෙනිදා එළිවෙනකොට එරබදු යාය හැදිල ඉවරයි…..


උදේ 8.30 විතර වෙනකොට වැඩේ ආරම්භ වුනා

පීඨාධිපතිතුමන් සමග ජගත් සර් තමයි ආරාධිතයන් වුනේ…….

පන්සිල් සමාදන් වෙලා කිරි මුට්ටියක් එහෙම උතුරවලා තමයි වැඩේ පටන් ගත්තේ

කොල්ලො සරම් එක්ක කමීස ඇඳගෙන කෙල්ලො ගවුම් ඇඳගෙන තමයි ආවේ….

එතකොට නිකන් ඇත්තම ගම්මානෙක ඉන්නවා වගේ හික් හික්….

ආරච්චිල කෙනෙක්…. ගමරාල කෙනෙක්….. එතකොට ගමමහගේ කෙනෙක්….. එහෙමත් හිටියා.....

වැඩේ ඇත්තටම ගොඩක් හොඳට සිද්ධ වුනා…… අපි හැමෝම ලොකු වින්දනයක් ලැබුව

වෙන එකක් තියා පීඨාධිපතිතුමන් කනා මුට්ටියත් බින්දා….හික් හික්

දවස පුරාම තරඟ සෑහෙන ප්‍රමාණයක් පැවත්වුනා

ගම හරහා දිවීම…. කොට්ට පොර….කබඩි…… ග්‍රීස් ගහ….. කනාමුට්ටි…… අලියට ඇහැ….. බොතලේට වතුර පිරවීම…. බනිස් කෑම…… බැලුන් පිපිරවීම….. බිත්තර ඇල්ලීම…… වගේ මහ ගොඩක් ……………

ඕව කරන අතරවාරයේදි අවුරුදු කෑම මේසයෙන් කිරිබත් කෑල්ලක රහ බලන්නත්…..

දවාලට තම්බපු කොස් සමග පොල්සම්බෝලෙක රහ බලන්නත්…..

ඒ වගේම ගමේ කඩෙන් බඩ ඉරිඟු කරලක් කන්නත්….

සරුවත් කෝප්පයක් බොන්නත් අවස්ථාවක් ලැබුනා….


අන්තිමට කොහොම හරි වැඩේ ඉවර වෙනකොට හවස 7.00 විතර වෙලා….

හවස ටිකක් තදට වැහැපු නිසා තරඟ කිහිපයක් අවලංගු කලා….

හැබැයි සමහරුනම් වැස්සෙ තෙමීගෙනත් තරඟ වලට සහභාගී වුනා.... හික් හික්

කොහොම හරි අන්තිමට තරඟ වලින් දිනපු උදවියට තෑගි එහෙම ලබාදීල තමයි වැඩේ අහවර කලේ………

ආහ්!!!! මම මේකෙ කරපු දේ කියන්න අමතක වුනානෙ….

මට නම් කිසිම තරඟෙකට යන්න ලැබුනේ නෑ….

මොකද මමනේ නිවේදන කටයුතු සිදු කලේ (මයික්කරපෝනෙත් ලඟින්ම තියාගෙන ) හික් හික් ……


මොනව වුනත් එදා කරපු හැම දේකින්ම අපි හැමෝම කැම්පස් ලයිෆ් එකේ තවත් එක් ලස්සන මතකයක් අපේ ජීවිත වලට එකතු කර ගත්තා….

ඇත්තටම අපි කැම්පස් එකේ මොනදේ කලත් ආපහු හැරිල බලද්දි අපිට සතුටු වෙන්න පුලුවන් වෙන්නේ අන්තිමට ඉතුරු වෙන ඒ මතකයන් වලින් විතරයි කියන එක නම් එදා දවසෙ අවසානයේදි මට හොඳටම දැනුනා


11 comments:

  1. එදා නම් අමතක නොවන දවසක්. ආයි ඉතින් කවද සරම් කමීස ඇදගෙන කැම්පස් යන්නද ;-)

    බනිස් කෑම නම් පට්ට ෆන්. බනිස් කන්න එන උන් දුවගෙන එනකොට බනිස් එල්ලපු තැන ඉන්න උන් බනිස් කඩාගෙන කාලත් ඉවරයි :-D ඇයි වතුර පුරවනකොට අතින් නැතුව සරමට යටින් ඇඳන් හිටපු කලිසමේ සාක්කුවෙන් ගත්ත පුංචි වතුර බෝතලෙන් වතුර පුරවපු හැටි..... අන්ධයට කිරි කැවීමෙදි කිරි අතේ තියෙන එකා ඌම කිරි ටික කාල අන්ධය ආවහම ඌත් එක්ක අනිත් පැත්තට දුවපු හැටි.... දුන්නු බිත්තරේ මදිවට සාක්කුවෙනුත් අරන් බිත්තර අල්ලපු හැටි. ඇයි හඳුන්වාදුන් ක්‍රීඩාව... දඬුකදේ ගැසීම :-D

    මේ මුළු අවුරුදු උත්සවය පුරාම අපි ලැබුවෙ මාර විනෝදයක්. අවුරුදු උත්සවයට සූදානම් වෙන එක මාර අත්දැකීමක්. දවස් තුනක් නිදිවරාගෙන කට්ට කාල ෆ්‍රන්ට් එකේ තොරණ හැදුව අපි තොරණ හයිකරල ඉවර වෙලා පාර එහා පැත්තෙ පාරෙ වාඩිවෙලා තොරණ දිහා බලන් ඉන්නකොට.... එදා එන හැම එකාම "තොරණ නම් සිරා මචං" කියල කියනකොට ඇතිවෙච්ච සතුට කියල නිම කරන්න බෑ. මෙතෙන්දි තොරණෙ සියළු සැලසුම් වැඩ කරපු ට්‍රිකල් එකේ සංජීව අයියා මතක් නොකරොත් ඒක ලොකු අඩුවක්. සංජීව අයියගෙ ඔළුවෙ තමයි සම්පූර්ණ අදහස එක තිබුණෙ. තොරණ වැඩ කරාට වැඩේ සම්පූර්ණ වුණාට පස්සෙ තමයි අපිටත් තේරුණේ ඒ අදහස කොච්චර ලස්සනද කොච්චර සුන්දරද කියල. අපි තොරණ හැදුව වගේම අනෙත් අංග හදපු අනිත් උන්ටත් ඒක එහෙමම දැනෙන්න ඇති.

    අන්තිම හරියෙ වැස්සෙන් පොඩ්ඩක් බාධා වුණත් වැඩේ සිරාවට ගියා. ඊළඟ අවුරුද්දෙත් මීටත් වඩා හොඳ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනව කියන එක තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  2. හික් හික් ඔච්චර දේවල් නම් මාත් දැනගෙන හිටියේ නෑ...
    කොහෙද තරඟ තියන තැන් දෙක තුනකට විතරයිනේ මට යන්න ලැබුනෙත්...........
    මොනව වුනත් මාරම අත්දැකීමක් තමයි එදා නම් ගත්තේ....
    ලබන අවුරුද්දෙ මීටත් වඩා හොඳ එකකට බලාපොරොත්තුවක් තියාගත්තට වැරැද්දක් වෙන එකක් නෑ...................................

    ReplyDelete
  3. මැවිසුරන්ගේ සූර්ය මංගල්‍යය photos ටිකකුත් දැම්මා නම් මසුරන් වටිනවා. එතකොට අපිටත් බලාගන්න තිබ්බානේ............

    ReplyDelete
  4. මටත් ඕකට සහභාගි වෙන්න නම් හම්බුනේ නෑ. නමුත් වැඩේ ජයටම තිබ්බා කියලානම් මටත් ආරංචියි. ෆොටෝස් නම් බර ගානක් කට්ටිය upload කරලා තිබ්බේ මූණු පොතට ;)

    ReplyDelete
  5. @ හසිත : අනේ සොරි වෙන්න ඕනා.. පින්තූර දාන්න බැරි වීම ගැන.. කලබලේනේ ලිව්වෙ... ඒකයි දාන්න බැරිවුනේ... බොහොම ස්තූතියි කොමෙන්ටුවට :) :)

    @ ඉශාන් : අයියෝ ආවෙ නැද්ද?????? එන්නනේ තිබුනේ..... එදා නම් පුදුම ෆන් එකක් තමයි ගත්තේ... කිව්වත් වගේ මූණු පොතේ නම් දාල තිබුනා පින්තූර

    ReplyDelete
  6. u guys had a great time ah?? i can imagine how much u have enjoyed. anyway, hasitha ayya u have nice way of expressing ideas... i really like it. keep it up

    ReplyDelete
  7. @ pamithi nangi : yeah we had a really great time... hik hik with full of fun....... really nice to hear some beautiful comments from you... :) :) they encourage me lot ....... :) :)

    ReplyDelete
  8. නියමයි.මල් හතයි කිව්වලු...word verification අයින් කරමුද මචං. ඒක පොඩ්ඩක් කරදරයි.

    ReplyDelete
  9. හරි ඔන්න අයින් කලා මාත් දැනගෙන හිටියේ නෑ එහෙම එකක් තියනවා කියලා. හික් හික් බොහොමත්ම ස්තූතියි කොමෙන්ටුවට :) :)

    ReplyDelete
  10. මේ පාර අවුරුදු උත්සවයට සහභාගි වෙන්න අපිට බැරි උනානෙ ඉතින්.... :-(
    අපි පළවෙනි අවුරුද්දෙ ඉන්නකොට තිබ්බ අවුරුදු උත්සවය තරම් විනෝදයක් නම් තියෙන්න නැතුව ඇති නේද...??

    ReplyDelete
  11. ඒකනේ කියන්නේ.... එන්න තිබුනේ.....
    හොඳ ෆන් එකක් ගත්තා....
    ම්ම්..... එහෙම එකක් නම් නෑ දෙකම එක වගේ තමයි....
    ගිය පාරත් ෆන්... මේ පාරත් ෆන්.... ලබන පාරත්...
    අනිවා ෆන් එකක් තියේවි :) :)

    ReplyDelete