ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2010-03-18

අනුරපුරේ චාරිකාව -1





මොර‍ටුව කැම්පස් එකේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න අපිට සතියකට වඩා දිග නිවාඩුවක් ලැබෙනවා කියන්නේ හීනයක් වගේ....
ඒ තරමට කැම්පස් එකේ වැඩ වැඩියි……
එහෙම වැඩ ගොඩක තෙරපිල තෙරපිල හෙම්බත් වෙලා හිටපු අපිට මාස තුනක නිවාඩුවක් ලැබුනා….
කියලා වැඩක් නෑ මරේ මරු….

කැම්පස් ජීවිතේ මේ විදියට ලැබෙන එකම නිවාඩුව මේක නිසා පුලුවන් තරම් රට වටේ කොල්ලොන්ගේ ගෙවල් වල ගිහිල්ල ජොලියක් දාන්න තමයි ලෑස්ති වුනේ….


මුලින්ම ‍තෝරගත්තේ අනුරාධපුරය…
සැහෙන කාලෙකින් ඒ පැත්තෙ යන්න බැරි වුනු නිසා අටමස්ථානයත් වැඳගෙන, තිසා වැවෙන් නාල එහෙම එන්න බලාගෙන තමයි ගියේ.හැබැයි.........
අනුරාධපුරය බලන්න ගිය ගමන අන්තිමට කෙලවර වුනේ තලෙයි මන්නාරමෙන් කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද??? හික් හික්

ඔන්න ඔය ගමන ගැනයි මං කියන්න යන්නේ

මාත් එක්ක ගමනට සෙට් වුනා යාලුවො 3න් දෙනෙක්… ඇත්තම කියනවනම් එකෙක් අවෙ ට්‍රිප් එකටමත් නෙමේ වෙන වැඩකට........ වැඩේ මොකද්ද කියලා පස්සෙ කියන්නම්…

ඔන්න හා හා පුරා කියලා පෙබරවාරි මාසෙ 3වෙනිදා පාන්දර 5.45ට කොලොඹ කො‍ටුවෙන් තියන අනුරාධපුර මැදවච්චිය ට්‍රේන් එකට අපි ගොඩ වුනා.....
ඊට කලින් දවසේ මහ රෑ වෙනකම් ‍ෆිල්ම් 4ක් විතර ගොඩ දාපු නිසා මං හිටියේ පට්ටම නිදිමතේ......
ඒ හින්දමද කොහෙද
සීට් එකේ වාඩි වුනු ගමන් මම නිදි .............
හීනෙන් වගේ මත
කයි කුරුණෑගල පහුවෙනව....
ඊට පස්සෙ එහාට යනකොට කොහොමහරි 10.30 විතර වෙලා.....



ආහ්!! කියන්න අමතක වුනානේ..... අපේ මේ ගමනේ නවාතැන්පොල වුනේ කැම්පස් එකේ අපිත් එක්ක එකටම ඉන්න යාලුවෙක්ගෙ ගෙයක්…(ඉස්සරහට එයා ගැන හොඳ හොඳ කතා එලියට එන්න ඉඩ තියන නිසා නම සඳහන් නොකර ඉන්නම්)
කොහොමහරි අපි එතනට ගිහිල්ල විනාඩි 5ක් විතර අතුලත යාලුව ආවා අපිව එක්කන් යන්න…… ඊට පස්සෙ එහෙ ටිකක් රෙස්ට් කරලා දවල් කෑමට එහෙම හොඳ දඩයක් ගහල අපි 5ස් දෙනා ගෙන් 4ක් ගියා අටමස්ථානෙ වන්දනා කරන්න…

එතකොට අනිත් එක්කෙනා....?????????????
එයා ගියා මිහින්තලේ කැම්පස් එක පැ ත්තට කෙනෙක්ව මුනගැහෙන්න (කව්ද කින්ද මන්ද කියලා කියන්න ඕන නැනේ නේද?)
ඔන්න ඔකට තමයි මිනිහ
වේ…හික් හික්


කොහොම හරි අටමස්ථානේ වඳින්න පටන්ගන්නකොට දවල් 12.30 විතර වෙලා. ජය ශ්‍රි මහ බෝධියෙන් තමයි පටන් ගත්තේ...
අප්පේ කට්ට අව්ව කියල වැඩක් නැ....
(ඔයාලත් අටමස්ථානේ එහෙම යනවනම් හවස් වරුවක යන්න නැත්නම් වාහනයක් අරන් යන්න වැඩිය හොදයි හවස පයින්ම යනවනම්)

ජය ශ්‍රි මහ බෝධිය ගාවට යනකොට මරු වැඩක් වුනා…

ඒ යන පාරෙ දකුණු අත පැත්තෙ නිකන් අමුතු ගොඩනැගිල්ලක් තිබුනා....
අපේ අනුරාධපුර යාලුව කිව්ව “මචන් මේක මියුසියම් එකක් ගිහිල්ල බලමු” කියල......
ගමේ එකා කියනවනම් ඉතින් බය වෙන්න දෙයක් නැති නිසා කට්ටියත් එක්ක ගේට්‍ටුව ගාවින් එබුනා ඇතුලට....…
හොද වෙලාව එතන හිටපු තවත් එකෙක් නාම පුවරුවෙ තියන නම කියෙවුවා......
මලා!!!!!!………
නම ගහල තියෙන්නෙ මොකද්ද හෝටල් පුහුණු ආයතනයක්ද මොකද්ද එකක්…!!!!!

තව පොඩ්ඩෙන් කෞතුක වස්තු බලන්න ගිහිල්ල පට්ට කින්ඩියක් කාල පියාඹන පීරිසිත් බලල තමයි එන්න වෙන්නේ...
ඔන්න අපි හොයාගත්තු මාර්ගෝපදේශකයගෙ හැටි.... පොර එන ගමනුත් කියනවා
නෑ බන් ඔතන මියුසියම් එකක් තිබුනා” කියලා.... හික් හික්

කොහොමහරි රත් වුනු වැලි කෑට පුපුර පුපුර තිබුනු ජය ශ්‍රි මහ බෝධියයි ඊට පස්සෙ රුවන්වැලි සෑයයි බලලා ථූපාරාමෙටත් ගියා…. ඔය තුන වැඳල ඉවර වෙනකොට බුදු ගනන්....
ඇ‍ඟෙන් ගිනි විදිනව වගේ…













එහෙනම් “දැන් මේක ඇති තිසා වැව පැත්තෙ රවුමක් ගහමු” කියල ගියා තිසා වැව බලන්න..
අපේ යාළුව අපිව එක්කන් යනව…. මොකද්දෝ වටයක් ගහල ඔන්න ආවා වැවක් ගාවට ….
මචන් මේකට තමයි තිසා වැව කියන්නේ , මේකෙ වටේ ගිහිල්ල අනුරාධපුර ටවුන් එකට යන්න පුලුවන්” යාලුව කිව්වා…
අපිත් ඉතින් අතන වැරදුනත් මෙතන නම් වරදින්න විදියක් නැනෙ කියල හිතාගෙන...
(ඇයි ඉතින් තිසා වැව නොදන්න කෙනෙක් අනුරාධපුරේ ජීවත් වෙන්න පුලුවන්ද?)
ඔන්න
අපි වැව රවුමේ යන්න පටන්ගත්ත…

ඒත්....
නිකන් අපිට ෂුවර් නෑ නෑ වගේ …….

එතකොටම අන්කල් කෙනෙක් ඔන්න වැව රවුම දිගේ බයිසිකලයක් පැදගෙන එනවා...
කෝකටත් මේක අහලා බලමු කියලා එකෙක් ගිහිල්ල අන්කල්ව නැවත්තුවා ඊට පස්සෙ…............

අන්කල් : ඇයි?
අපේ එකා : අන්කල් අනුරාධපුර ටවුන් එකට යන්නෙ කොහොමද?
අන්කල් : අන්න අර පාරෙන් ආපහු හැරිල කෙලින්ම ගියානම් හරි ( ඒ අපි ආපු පාර)
අපේ එකා : ඇයි අන්කල් මේ පාරෙන් යන්න බැරිද? (අපේ එකත් අපි දැන් යන පාර පෙන්නල ඇහුවා)

අන්කල් ඊලගට දුන්නු උත්තරෙන් අපිට පොලව පලාගෙන යන්න හිතුනා
අන්කල් : පුලුවන් හැබයි ඉතින් හෙට එළි වෙන ජාමෙට වගේ යන්න පුලුවන් වෙයි… යන්නම ඕන නම් ගිහින් බලන එකයි ඇත්තේ
හික් හික්

ඊට පස්සෙ ඉතින් අපේ අනුරාධපුර ගොයියගෙ හැකියාවන් සහසුද්දෙන්ම අඳුනගෙන අපි ආපහු එන්න ගත්තා…. වැන්දයින් වැන්දේ නෑ මෙහෙම වැදිල්ලක් කියලා හිත හිතා එනකොට.....
වැවේ කිට්‍ටුවම අපි
ඉස්සෙල්ල යනකොට දැකපු නැති බෝඩ් එකක් ගහල තියනව
අභය වැව හෙවත් බසවක්කුලම කියලා
….
මේ යෝධය තිසා වැව කියල පෙන්නල තියෙන්නෙ බසවක්කුලම වැව……….
(පොර මන් හිතන්නේ අනුරාධපුරේමද කොහෙද ඉපදිලත් තිබුනේ හික් හික්)



ඒ පාර අපි ඔන්න දිගටම එන්න ගත්තා ඇවිල්ල ඇවිල්ල ආව හන්දියක් ලඟට
මචන් මේ පාරෙ බස් නෑ ඒක නිසා පයින් තමයි යන්න වෙන්නේ” කියල....
යාලුවට කට ගන්න හම්බුනේ නෑ...
මෙන්න
ලංගම බස් එකක් ඇවිල්ල නැවැත්තුවා….
එදා දවසෙ වෙච්ච දේවල් හැටියට ඕක බොහොම සාමාන්‍ය සිදුවීමක් නිසා අපි මොකවත් කියන්න ගියේ නැ..
හික් හික්
හැබැයි ඉතින් එන ගමන් අපේ යාලුව අපිත් එක්ක කියනව
මම ඔය පැත්තෙ වැඩිය ගිහිල්ල නෑ බන් ඒකයි සීන් එක” කියලා.


කොහොමහරි ‍රැට කෑමත් කාලම අපි ගියා අපේ යාලුවගෙ ගෙදරට ඒ කියන්නේ අපේ නවාතැන්පොලට.......
එතකොට මිහින්තලේ කැම්පස් එකට ගිය අනිත් යාලුවත් අපිට එකතු වෙලා හිටියේ...…
ට්‍රිප් එකේ පලවෙනි දවස ඉවරවුනේ පැය 10ක 11ක ගමන් මහන්සියකුත් එක්ක....
හැබයි ඇඟට කොච්චර අමාරු වුනත් හිතේ හැටියට කතා කරන්න සෑහෙන දේවල් තිබුනා…..


කෝච්චියෙ එනකොට මම කටත් ඇරගෙන නිදාගෙන ආපු හැටි….
වැරදිල කෞතුකාගාරයක් කියලා හෝටලේකට යන්න හදපු හැටි…..
කට්ට අව්වේ පිච්චි පිච්චි ජය ශ්‍රිමහබෝධිය රුවන්වැලිය ථූපාරාමය වැඳපු හැටි…
තිසා වෑව කියල හිතාගෙන අභය වැව වටේ ගිහිල්ල අන්කල් කෙනෙක්ගෙන් කාඩ් ටික කුඩුකරගත්තු හැටි…
අටමස්ථානේ වඳින්න ගිය අපි තුන්මස්ථානයක් වැඳලා නැවතුනු හැටි....
බස් යන්නෙ නැති පාරවල් වල බස් ගිය හැටි….
හැබැයි හොඳම වැඩේ තමයි ගමේ එකා වුනු අපේ යාලුවට වඩා අපි අනුරාධපුරය ගැන දැනගෙන තිබුනු එක !!!

කොහොමහරි දෙවෙනි දවසෙවත් තිසා වැවෙන් නානව කියල හිතාගෙන අපි නිදාගත්තා....
ඇඟේ තිබුනු ගමන් මහන්සියටත් එක්ක හොඳට නින්ද ගියා......


හැබැයි දෙවෙනි දවසෙත් අපිට තිසා වැවට යන්න ලැබුනේ නෑ....
ඒ වෙනුවට අපිට යන්න වුනේ මඩු පල්ලියත් පහු කරගෙනම තලෙයි මන්නාරමට.....
ඒ ගමන ගැන විස්තර ඊලඟ ලිපියෙන් දාන්නම්
හිතෙන දෙයක් කියල යන්න ඔන්න අවස්ථාව තියනවා...................................

2 comments:

  1. ඔයාගේ ගමන හොදයි මම අනුරාධපුරේ තමයි ඉන්නේ මේහේ එන හැමෝම කියනවා මේහේ පිච්චෙනවා කියලා මටනම් පුරැදු වෙලා අනුරාධපුරේ ටවුන් වටේ තියෙන්නේ නුවර වැව ර්‍රට අමතරව එකලග එකලග වැව් ගොඩක් තියෙනවා. බලන්නත් ඔවිට වඩා ගොඩක් දේවල් තියෙනවා ගුගල් සැට ලයිට් එකෙන් බලන්නකෝ හොදට පැහැදිලි වෙයි පාරවල් එක්ක.

    ReplyDelete
  2. @ නඳුන් : ඔව් ඔව් බලන්න දේවල් නම් ගොඩයි තමයි.. ඒත් ඉතින් කොහෙද..... මුන් එක්ක එදා මොකවත් බලන්න වුනේ නෑනේ හික් හික්...... තෑන්ක්ස් කමෙන්ට් එකට

    ReplyDelete