ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2010-03-24

අනුරපුරේ චාරිකාව -2








යුබෝවන්ඩ කියලා කිව්ව ඔන්න !!!!
අනුරපුරේ වන්දනාමාන කරන්න ගිය මායි මගේ යාලුවො තුන්දෙනාටයි පලවෙනි දවසේ සිද්ද වෙච්ච දේවල් මං මගේ පහුගිය ලිපියෙන් කිව්වනේ…..
තාමත් ඒක කියෙව්ව්වේ නැත්නම් මෙතනින් ඒක බලාගන්න පුලුවන්….
ඔන්න අද මම සූදානම් වෙන්නෙ දෙවෙනි දවසේ විස්තරය ඔයාල ඉදිරියේ දිගහරින්න…

මතක ඇතිනේ හොඳටම පිස්සු නටල නටල මහන්සි වෙලා පලවෙනි දවස නිමා කරමින් අපි නිදාගනිපු හැටි.....

ඇත්තටම එදා නම් හොඳටම නින්ද ගියා..
ඊලඟ දවසෙ ඒ කියන්නේ පෙබරවාරි 4 වෙනිදා නැගිටිනකොට 8.00 ත් පහුවෙලා….
නැගිට්ටට පස්සෙ තමයි මතක් වුනේ අද නිදහස් දවස බව…!!!!!!!!!
අද දවසේ මොනවද කරන්නෙ කියල කට්ටිය කතා කරන්න ගත්ත….
අපි තුන්දෙනා කතා වුනේ උදේ මිහින්තලේ පැත්තට ගිහිල්ල ඒකත් වැඳගෙනම හවස තිසා වැව පැත්තට ගිහිල්ල හොඳට නාගන්න…. (හැබැයි හරි තිසා වැවෙන් හික් හික්!!!)
ඊට පස්සෙ රෑ 7.00 ට තියන කෝච්චියේ කොලොඹ බලා ගුවන්ගත වෙන්න….

අපි තුන්දෙනා ඔහොම කතා කර කර ඉන්න අතරවාරයේදි ඔන්න අපේ යාලුව කාමරයට ආවා….
මචං අද අපේ ගෙදර අය තලෙයි මන්නාරම් යනවා ඕන නම් අපිටත් යන්න පුලුවන් මොකද කියන්නේ?

මිනිහ ඇහුවා…….. අපිට එක පාරට මොකවත් හිතාගන්න බැරිවුනා……….
තලෙයි මන්නාරම !!!!!!!!!
කවද යන්න ලැබෙන ගමනක්ද ???????
සමහරවිට කවදාවත් යන්න ලැබෙන්නේ නැති වෙන්නත් පුලුවන් ....
එතන මොනවගේද කියලවත් දැකලා තිබුනේ නැනෙ….
ඒ නිසා යන්න තිබුනු ආසාවත් වැඩි වුනා.... පැනපු ගමන් කට්ටියත් එක්කම "හා" කිව්වා…


ඊට පස්සේ ඔන්න අපි උදේට කාල බීල ගමනට ලැස්ති වුනා ……
(හැබැයි අපරාදේ කියන්න බැ යාලුවගේ ගෙදර අය හොඳට අපිට සැලකුව. කෑම එහෙමනම් කියලා වැඩක් නෑ )

අපි තුන් දෙනයි එතකොට යාලුවයි යාලුවගේ අම්මයි තාත්තයි නංගියි මල්ලියි තමයි ගමන ගියේ…
එත් එකෙක් අඩුයිනේ ……..
ආහ් !!!!!! ඌ එදත් ගියා කැම්පස් එක පැත්තට අරයව මුනගැහෙන්න…
(ඔන්න ඕක තමයි කියන්නේ ආදරේද එහෙමත් නැත්නම් ඔය මොකද්ද එකක් කරන්න ගියාම හුඟක් දේවල් මගහැරනවා කියලා) හික් හික්…


කොහොමහරි යන්න වාහනේ ලඟට ගියාමයි ඊලඟ ප්‍රශ්නය මතුවුනේ......
දැන් ගමනට 8ක් යනවා... යන්නෙ කැබ් එකේ... එත් කැබ් එකේ 8ක් කොහොමද ඇතුලෙ යන්නේ????…

උපරිම 6කට තමයි යන්න පුලුවන්….
ටිකක් වෙලා කල්පනා කරනකොට ඔන්න විසඳුමක් අවා…
කැබ් එකේ පිටිපස්සෙ කෑල්ල හිස් (ඒ කියන්නෙ අර බඩු බාහිරාදිය ගෙනියන කෑල්ල)

ඒකට නැගගත්තනම් ආතල් එකේ අව්ලක් නැතුව වටේ පිටේ සිරි නරඹමින් යන්න පුලුවන්….
හැබැයි පුංචි පරහකට තියෙන්නේ අව්ව… ඒකටත් විසඳුමක් විදියට තඩි මාගලක් වගේ පැදුරක් දමා ගත්තා…
දැන් හරි !!!!!! යාලුවගේ පවුලේ අය ඉස්සරහින් සීට් වලට ගොඩවුනා..........
යාලුවයි අපි තුන්දෙනයි පිටිපස්සෙ බඩු ගෙනියන කොටසේ..... !!!!!!!!!!!


උදේ 9.30ට විතර ගමන පටන්ගත්තා…..
හතර අතේ ට්‍රිප් ගිහිල්ල තිබුනට මෙහෙම මේ විදියට අපි කවුරුවත් ට්‍රිප් එකක් ගිහිල්ල තිබුනේ නැ….
ඒ හින්දමද කොහෙද මුලින් ටිකක් අවුල් වගේ..... හික් හික්.

අනුරාධපුර ටවුන් එක පහු කරගෙන යනකොට පාරෙ යන මිනිස්සු අපි දිහා හැරි හැරි බලනවා..........
(ජැන්ඩියට ඇඳගෙන මුන් ටික මොකද මේ පිටිපස්සෙ යන්නෙ කියල හිතනව ඇති)
කොහොමහරි ටවුන් එක පහු වුනාම නම් ඒක් එච්චර ගානක් වුනේ නෑ
අනුරාධපුරේ ටවුන් එක පහු කරලා යාපනේ හන්දියෙන් A9 පාරට හැරෙව්ව…
හොඳ හුළගක් ඇඟේ වදිනවත් එක්කම හොඳ ඉර අව්වකුත් පායලයි තිබුනේ…

ඊට පස්සෙ ඔන්න A9 පාර දිගේ දිගටම එන්න පටන්ගත්ත…… එහෙම යනකොටනම් ඉතින් පට්ටම ආතල්…… අව්වෙ තියන රස්නය හුළඟ නිසා පොඩ්ඩක්වත් දැනුනේ නෑ…
A9 පාර දිගේ එන්න පටන්ගත්තට පස්සේ ටිකෙන් ටික පාර දෙපැත්තෙ තිබුනු කඩවල් එතකොට ගෙවල් එහෙම අඩුවෙන්න ගත්තා… ටික වෙලාවක් යනකොට ඉතුරු වුනේ පාර දෙපැත්තෙම කැලෑව විතරයි …




කෝකටත් අපි මේ ගිය පාර ගැනත් මම පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්…

අපි මුලින්ම ගමන් ගත්තෙ A9 මාර්ගයේ (මහනුවර-යාපනය මාර්ගය)....
ඒක ඉතින් හැමෝම වගේ දන්න මාර්ගයක් නේ නේද?
ඔය A9 පාර දිගේ දිගටම ගියොත් යාපනයට යන්න පුලුවන්…
A9 පාර දිගේ යනකොට තවත් ප්‍රධාන පාරක් මුන ගැහෙන මංසන්ධියකට එනව…
ඒ මැදවච්චියේදි , මුණගැහෙන්නෙ A14 මාරගය…
ඒ පාර තමයි මන්නාරම පහු කරල තලෙයි මන්නාරම දක්වා වැටී ඇති මාර්ගය බවට පත් වෙන්නේ….
ඔය A14 පාරේ යනකොට මරඳමඩු මෑණියන් වෙනුවෙන් ඉදිවුනු මඩු දේවස්ථානය පිහිටලා තියෙන ප්‍රදේශයටත් යන්න පුලුවන්…
කියපු විස්තරේ පැහැදිලි මදි වගේ නම් ඕන් තියනව රූපෙකුත් එක්කම බලාගන්න හික් හික්…
A9 පාරේ ගිහිල්ල A14 පාරට හැරිලා මඩුත් වැඳගෙනම තලෙයි මන්නාරමට යන එකයි අපේ ගමන් මාර්ගය බවට පත් වුනේ.........



මෙහෙම ගමනක් යනකොට හිතේ සතුට හින්මද කොහෙද එක විදියකට ඉන්න බෑනේ….
(අර කතාවකුත් තියෙන්නේ අලියන්ට ලමයින්ට නලියන්ටමයි හිත කියලා )


ඒ නිසා ගත්ත කූට්ටම අතට….
බූරුව ගහන්න එහෙම නෙමේ ඕමි අතක් බලන්න…
හික් හික්
හැටට හැටේ පාගල යන වාහනේක එලියෙ ඉඳගෙන ඕමි ගහන එක එච්චර ලේසි වැඩක් නෙමේ කියල මට තේරුනේ කාඩ් අත අනන්නයි අනිත් එවුන් කොල දානකන් කාඩ් අත අල්ලන් ඉන්න ගියාටයි පස්සෙ… පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්න බෑ කාඩ් ටික හුළ‍ඟෙ යනවා… එහෙම ගියොත් ඉතින් සොරි තමයි….
ඔහොම කාඩ් ගහ ගහ ඉන්නකොට එක පාරටම එකෙක්ගෙ අතින් සිහිකල්පනාව අඩුවෙලා ඉස්කෝප්ප ආසියයි එතකොට හාරත රජතුමයි, රුවිත ‍රැජිනයි අපිට අත වනාගෙන යන්න ගියා ..…

මලා
දැන් කොහොමද කාඩ් ගහන්නේ ?????…..
කාඩ් ගැහිල්ලත් එතනින්ම නැවතුනා හික් හික්


A9 පාර දිගේ ඇවිල්ල ඊලඟට මං කලින් කිව්ව වගේම මැදවච්චියේදි A 14 පාරට හැරෙව්ව…
දන් නම් දෙපැත්තේ තියෙන්නෙ තනිකර කැලෑව..
අතරින් පතර තියන හමුදාවේ කඳවුරු කීපයක් ඇරුනාම ගෙයක් පේනතෙක් මානෙකවත් නැ…
ඒව දකිනකොට මේ අපි පහු කරන්නේ මීට ටික දොහකට කලියෙන් යුද්ධයක් තිබුනු පැත්තක් නේද කියන එක මගේ හිතටනම් තදින්ම දැනුන…. සෑහෙන දුරක් යනකන් ගෙයක් දොරක් දක්කෙ නෑ…
සා
මාන්‍ය මිනිස්සු කියලා දැක්කනම් දැක්කෙ අපිත් එක්ක A14 පාරෙ ගිය වාහන වල හිටපු මිනිස්සු විතරයි….
ඒත් ඇත්තටම යුද්ධයක් තිබුනත් අඩුගානේ විනාශ වෙච්ච ගෙයක් වත් නැත්තෙ මොකද කියල මට ප්‍රශ්නයක් මතුවුනා...

පොඩ්ඩක් හොයල බලනකොට මම දැක්ක ගස් වල අමුතු යකඩ බෝඩ් එකක් ගහලා තියනවා….
රතු පාට පසුබිමක සුදු පාට මිනී ඔළුවක් තමයි ගහල තිබුනේ….
මිනී ඔළුවට යටින් ගහල තිබුනා බිම්බෝම්බ කියලා…
මීටර් 10න්
10ට වගේ ඔය පුවරුව දකින්න ලැබුනා…..
ඒක නිසා තම
යි එහෙනම් මිනිස්සු මේ පැත්තෙ පදිංචි වෙන්න හිතලවත් නැත්තේ…
අවුරුදු 30ක කුරිරු යුද්ධයක් නිසා මියගිය අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත්,
අක්කර ගානක ඉඩකඩක් මේ විදියට කිසිම තේරුමක් නැතුව පාලුවට ඇරල තියන හැටි නම් දැක්කම
ත් හිතට දැනුනේ පුදුම දුකක්


කොහොම කොහොම හරි අපි ටිකෙන් ටික මඩු දේවස්ථානයට ලං වුනා….
A14 මාර්ගයේ යනකොට මඩු පල්ලියට යන පාර කියල බෝඩ් එකක් ගහලම තියනව දකුණු අත පැත්තට හැරෙන්න…..
ඉතාමත් මනරම් ප්‍රවේශ දොර‍ටුවකින් තමයි ඒ පාර පටන් ගන්නේ….
ඊට පස්සෙ ඒ පාර දිගේ ටික දුරක් යනකොට මඩු දේවස්ථානයට ලඟා වෙන්න පුළුවන්….




මතකයිනේ මං මුලදිම කිව්ව අපි මේ යන්නෙ නිදහස් දවසේ කියලා..
අපි එතනට යනකොට 10.30 විතර වෙලා......
පල්ලියේ උදෑසන විශේෂ දේව මෙහෙයක් පැවත්වෙමිනුයි තිබුනේ…
සාමන්‍යයෙන් පන්සලකට පල්ලියකට ඇතුල් වෙන තැන ගහල තියනවනේ හිස් වැසුම් එතකොට පාවහන් එහෙම ඇතුලට දාගෙන යන්න එපා කියලා…



ඒ වෙනුවට මෙන්න එත
තිබුනෙ බෝඩ් එකේ ලියල තිබුනු දේ !!!!!!!!!



මේක දැක්කම මොකද ඔයාලට හිතෙන්නේ ??…….
මටත් මුලින් මේක දැක්කම මොකවත් හිතාගන්නවත් බැරි වුනා……..
කොහොම වුනත් මීට මාස ගනනකට කලින් මෙතන තිබුනු තත්වය නෙමේ දැන් මෙතන තියෙනේ….
හැබැයි එහෙම වුනා කියලා ආරක්ෂාවේ කිසිම අඩුවීමක් නම් නෑ…
හැමතැනම යුධ හමුදාවෙ අය හිටියා..... නැතුව බෑනෙ නේද?....
ඔය පුවරුවත් කියවගෙනම අදාල චෙක් කෙරීම් වලට ලක්වෙලා අපි මඩු දේවස්ථාන භූමියට ඇතුලු වුනා..

ඒක ඇත්තටම සැහෙන්න විශාල භූමියක්……
ඒකෙ මැද හරියට වෙන්න දේවස්ථානය පිහිටලා තිබුනා…
දේවස්ථානයෙන් එලියේ ඒ කියන්නෙ දේවස්ථාන භූමි ලෝකඩ වලින් හදපු ජේසුස් වහන්සේගේ පිලිම වලින් පිරිල තිබුනේ…..
ඒක ඇත්තටම හරි ලස්සන දර්ශනයක්….
ලොකු දේවස්ථානයට ටිකක් දකුණු අතට වෙන්න නටබුන් වුනු කුඩා දේවස්ථානයකුත් දකින්න ලැබුනා…
මං හිතන්නේ ඒ දේවස්ථානය යුද්ධය නිසා විනාශ වුනු එකක් වෙන්න ඇති….
දේවස්ථාන භූමියෙත් අර මං කලින් සඳහන් කරපු බිම්බෝම්බ පිලිබඳ පුවරු සමහර තැන් වල සවි කරලා තිබුනා…
දුර ඉඳන් පැමිනෙන අයට නවතින්න වගේම උයා පිහාගෙන කන්න හදපු පොඩි පොඩි ගෙවල් කිහිපයකුත් දේවස්ථාන්න භූමියේ දක්නට ලැබුනා….

ඊලගට අපි ටික ඇතුලට ගියා.....
සැහෙන පිරිසකගේ සහභාගීත්වයෙන් උදැසෙන දේව මෙහෙය ජයටම සිදු කෙරෙමිනුයි තිබුනේ... මඩු දේව මාතා
ප්‍රතිමාව ඉදිරිපිට පල්ලියේ ප්‍රධාන පූජකතුමා දේව මෙහෙය පවත්වනවා..
ඔබට මතක නම් හමුදාව මේ භූමිය මුදා ගනිද්දි කොටි එල්ල කරපු මෝටාර් වලින් මේ දේවස්ථානයටත් සැහෙන්න හානි සිදු වුනා.. නමුත් ඒ සියල්ල දැන් පිළිසකර කර හමාරයි.....
පල්ලිය ඇතුලත දේව මෙහෙය පැවැත්වෙන වෙලාවෙදි වෙලාවෙදි මගේ ෆෝන් එකේ සටහන් කරගත්තු රූප රාමු වලින් බිඳක් තමයි මේ………
















කොහොමහරි එතනින් එන්න පිටත් වෙනකොට දවල් 12.00 විතර වෙලා ඇති……
ඊට පස්සේ නැවතත් අපි A14 මාරගයට අවතීර්න වුනා…..
සෙට්ටිකුලම්, පරයාසකුලම්...... මේ වගේ කුලම් ගම්මාන කිහිපයක ම පහු කලා වගේ මතකයි.....
ඊට පස්සෙ මන්නාරම දක්වා එනකොට පාර දෙපැත්තෙ වැඩිපුර දැක්කෙ බන්කර් වගේ දේවල්..
හුඟක් බන්කර් හදල තිබුනේ ක‍ටු මැටි ගෙවල් එක්ක..
ඒ කියන්නේ ගෙදර ඉස්සරහ පැත්තෙ බන්කර් එකක් හැදෙන විදියට ගෙදර පිල ගොඩ කරලා පස් කන්ඩියක් බැඳලා තිබුනේ….
මේව සමහර විට කොටි ත්‍රස්තවාදීන් අයිති කරගත්තු අහිංසක සාමාන්‍ය වැසියන්ගෙ ගෙවල් වෙන්නත් පුලුවන්… හැබැයි කොහොම වුනත් දැන් නම් ඒවා පොලිස් රාලහාමිලාගේ මුර කුටි බවට පත් වෙලා හික් හික්…

ආහ් කියන්න අමතක වුනානේ……….
ඔය අතරවාරෙයෙදි ඇසගැ‍ටුනු වැදගත් තැනක් ගෑන....... ඒ තමයි ආනන්ද කුමාරස්වාමි සහන ගම්මානය
(ඒ කියන්නෙ යුද්ධයෙන් අවතැන් වුනු මිනිස්සු ඉන්න කඳවුරක්…ටීවී එකෙන් දැකල ඇතිනේ )
ඒක දැක්කම හිතට දැනුනේ පුදුම දුකක්...
අවුරුදු 30ක් තිස්සේ රට කාලකන්නි කරපු යුද්ධයේ අනි‍ටු පල විපාක භුක්ති විඳින්න වෙලා තියෙන්නෙ මේ අහිංසක මිනිස්සුන්ට...
ඔයාල දිස්ට්‍රික්ට්9 ‍ෆිල්ම් එක බලල තියනවනම් ඒකෙ අර පිටසක්වල ජීවීන් රඳවල තියන කඳවුර වගේ එකක් තමයි මේ කඳවුරත්…හැම කූඩාරමක්ම සුදු පාටයි...............
කවුරුවත් වැරදියට එහෙම තේරුම් ගන්න එපා මං කිව්වෙ පිටතට පේන භෞතික ස්වරූපය ගැන විතරයි.....

කොහොම කොහොම හරි ඔන්න මන්නාරමට අපි සැපත් වුනා….
මන්නාරමත් පහු කරගෙන තලෙයි මන්නාරමට යන්න තමයි අපි ලෑස්ති වුනේ…..
මතක ඇතිනේ මන්නාරම පිහිටල තියෙන්නෙ දූපතක් විදියට බව……
ඒකට යන්න හදපු පාලම ජනාධිපතිතුමා අතින් පහුගියදා නිල වශයෙන් විවෘත වුනා…
ඒ පාලමේ තමයි අපි එදා තලෙයි මන්නාරමට ගියේ (නොනිල වශයෙන් හික් හික්)
ගොඩබිම් දෙකක් යා කරලා හදපු
ඒ පාරේ ගමන් කිරීම අපිට අමුතුම අත්දැකීමක් වුනා…
ඇයී දෙපැත්තෙනම් තියෙන්නෙ මහ මුහුද නේ... හරියට නිකන් මුහුද උඩින් යනවා වගේ...
ලංකාවේ මං දන්න විදියට මේ වගේ වෙනත් තැනක් නෑ....
මෙක බැලුවම ඒ හැඟීම ඔයාලටත් තේරෙවි ............




ඊටපස්සෙ පාලම පහු කරගෙන අපි තලෙයි මන්නාරමට අතුලු වුනා……..
අපේ නගර වල එහෙම අපි නිරන්තරයෙන් දකින සත්තු ජාතියක් නේ ඔය ඉබාගාතෙ යන හරක් එහෙම..
හැබැයි මන්නාරමේ ඊට වෙනස්......
එහෙ බලපු බලපු හැම පැත්තෙම හිටියෙ එළුවොයි බූරුවොයි.........
අළු පාටයි, දුඹුරු පාටයි පාට තියන බූරුවො මහ ගොඩක් හිටියා හික් හික් !!!!!!!
විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන දේ තමයි ආසියවේ විශාලතම වටප්‍රමාණයෙන් යුක්ත ගහ පිහිටල තියෙන්නෙ තලෙයි මන්නාරමේ..
ඒක බයෝබැබ් ශාකයක්.......
උස මීටර් 7ක් විතර එතකොට වටප්‍රමාණය මීටර් 19.5ක්…
හිතාගන්න පුළුවන්ද කොච්චර ලොකුද කියලා…. ඔය දකින්නෙ ඒ ශාකය…..
(මේක නම් හුඟ දෙනෙක් නොදන්න කරුණක් වෙනවට කිසිම සැකයක් නැ)
පුදුමේ කියන්නෙ යුද්දෙ තිබුනු කාලෙදිත් මේක බේරිල තිබුනු එකනේ.!!!!!!!



කොහොම හරි ඒකත් බලාගෙන නැවතත් අපි ආපහු එන්න පටන් ගත්තා…
මේකෙදි නම් අපේ යාලුවා මොකවත් පිස්සුවක් නැ‍ටුවෙ නැ හික් හික් .....
එනගමන් කොටි අන්තිම සටනෙදි විනාශකරන්න හදපු යෝධ වැවේ බැම්මත් බලාගෙනම…..
(ඒක විනාශ කරන්න ගිය සැලැස්ම සාර්ථක වුනා නම් මේ කතාව මට ලියන්න වෙන එකකුත් නැ )
හවස 5.00 විතර වෙනකොට අනුරාධපුරයට අපි නැවතත් වාර්තා කලා…..
ඊට පස්සෙ අඩුම කුඩුම සේරම ගෙනිහින් තිබුන නිසා අපි එහෙම්ම ටවුන් එකෙන් කොලොඹ බස් එකට නැග්ගා.. කොලොඹට එනකොට 11 විතර වෙලා….
ඊටපස්සෙ ඉතින් අපේ අවසන් නවතැන්පොලවුනු බෝඩිමට ගිහිල්ල හොඳට නිදාගත්තා…
එතකොට අපේ අනිත් යාලුවා...........
ඌට මොකද වුනේ ?????? ආහ් !!!!
පොර පොරගෙ සේරම වැඩ කටයුතු ටික හමාර කොරල අපිටත් කලින්ම ඇවිල්ල අපි යනකොට ගොරෝ ගොරෝ බුදි !!!!!

ඔන්න ඔහොමයි අපේ ගමන කෙලවර වුනේ..
අපේ යාලුවා පලවෙනි දවසෙ මොන මොන පිස්සු නැ‍ටුවත් යාලුවයි යාලුවගේ ගෙදර හැමෝමයි අපිට හොඳට සැලකුවා..ඒ බවත් නොකියාම බැහැ…
අර දඹුලුත් ගිහිල්ල තලගොයිත් මරාගත්ත කියන කතාව වගේ අපි අනුරාධපුරෙත් ගිහිල්ල මඩුත් වැඳල තලෙයි මන්නාරමටත් ගියා කියල තමයි අන්තිමට කියන්න ඉතුරු වුනේ…
ලිපිය අවසන් කරන්න කලින් මෙන්න මේ ටික නොලිව්වොත් ලොකු අඩුවක් වේවි….

අපි සංචාරය කලේ මීට මාස ගානකට කලින් යුද්ධයක් තිබුනු ප්‍රදේශ හරහා… දැන් ඒ ප්‍රදේශ සීග්‍රයෙන් දියුනු වෙනවා.. ගව්වෙන් ගව්වට ගොඩනැගිලි ඉදිවන බව අපිට මන්නාරමේදි එහෙම හොඳටම පෙනුනා…. සෙට්ටිකුලම් රෝහල,මඩු දේවස්ථානය සහ ඒකට යන පාර,මන්නාරම් පාලම මේකට හොඳම උදාහරණ.. මොනව වුනත් බිම්බෝම්බ අයින් කලාට පස්සෙ නැවතත් සාමාන්‍ය අහිංසක මිනිස්සු ඒ ප්‍රදේශ වල පදිංචි වේවි… රට නිදහස් කරගැනීමේ ගෞරවය කාටද කියලා තාමත් තේරුමක් නැතිව ගහ මරාගන්න එක පැත්තකින් තියලා මේ විදියට කිසිම කෙනෙකුට බයක් හැකක් නැතිව රටේ ඕනම තැනකට ගිහිල්ල එන්න පුලුවන් නිදහස ලබාදෙන්න දිවි පූජා කල රණවිරුවන්ට අපි හමෝගෙම උපහාරය හිමිවිය යුතු බවයි අවසන් වශයෙන් මගේ හැඟීම………….

කියන්න දෙයක් එහෙම තියනවනම් ලියල
යන්න....................



4 comments:

  1. මිට වඩා පින්තුර ටිකක් දැම්මනම් එල මමනම් අනුරාධපුර හිටියත් තාවම ගිහිල්ලා නැ එන්න මගේ බ්ලොග් පැත්තෙත් වැඩක් නැති වෙලාවට

    ReplyDelete
  2. @නඳුන් :එහෙම තමයි.... වැඩ වැඩි වෙනකොට යන්න වෙන්නෙ නෑ....
    තෑන්ක්ස් කමෙන්ටුවට :) :) ලොකු හයියක් !!!!!!!!!! අනිවා එනවා ඔයාලගේ සයිට් එකටත්

    ReplyDelete
  3. @ yasela ayya : thanx bhaaiii your commennts mean lot to me :) :)

    ReplyDelete