ඔන්න මං මගෙ පලවෙනි බ්ලොග් පෝස්ට් එක දාන්න යන්නේ :):)
හා හා පුරා කියලා දාන එක ඉතින් හොඳ එකක්ම දාන්න ඕන නිසා මං තෝරගත්තා මගේ මුල්ම සමරු සටහන............ අපේ ඉස්කෝලේ පැවත්වුනු නිවේදක තරඟාවලියක් වෙනුවෙන් හදපු සමරු පොතක මගේ පණටත් වැඩිය ආදරේ කරන මාධ්‍ය ඒකකය ගැන මට දැනෙන දේයි මං මේ සමරු සටහනේ ලිව්වෙ........ බලන්නකෝ හොඳද කියලා
තුන් කාල යාත්ත්‍රාවේ සොඳුරු නවාතැන්පොල
අවුරුදු 13ක පාසල් ජීවිතය ගැන කල්පනා කරනකොට හිතට දැනෙන්නෙ පුදුමාකාර හැඟීමක්.ඒ හැඟීමට මුසුවෙලා තියෙන්නෙ දුකද සතුටද කියන එක මුලු ජීවිත කාලය පුරාවට කල්පනා කලත් තේරුම් ගන්න පුලුවන් වෙන එකක් නෑ කියලයි මගේ හිත මට කියන්නෙ.ඒ හැඟීම හරියට අපූරුවට පින්තාරු කල සිතුවමක් උඩ ඕනවට එපාවට එහෙන් මෙහෙන් ඇඳපු පින්සල් පාරවල් වගෙ. කොහොම වුනත් අවුරුදු 13ක් තිස්සෙ දෙවෙනි අම්ම ලඟ ගත කරපු කාලය කාගෙත් ජීවිත වල අමතක නොවන කාලයක්.මගෙත් එහෙමයි.ජීවිතයෙදි අපිට හුගක් වෙලාවට ලැබෙන්නෙ අපි හිතන පතන දේවල් නෙමෙයි කියන එක අපි හැම දෙනාම බොහොම හොඳින් දන්න කාරණයක්.හිතන පතන දේවල් නොලැබෙන වගේම නොහිතන නොපතන වටිනා දෙවල් හිටි ගමන් ලැබෙන අවස්ථා ඕන තරම් අපේ ජීවිත ඇතුලෙන් අපිට හොයාගන්න පුලුවන්.මාධ්‍ය ඒකකය අපිට ලැබුනු එකත්, අපි මාධ්‍ය ඒකකයට ලැබුනු එකත් හරියට නොහිතපු වටිනා දෙයක් නොපතපු වෙලාවක අපිට ලැබුන වගේ කියල කිව්වොත් හරියටම හරි. කොහොම වුනත් බලාපොරොත්තු නොවුනු වෙලාවක අපේ ජීවිත වලට ලංවුනු මෙ සොඳුරු නවාතැන්පොල නිසා අපේ ජීවිත සම්පූර්නයෙන්ම වෙනස් වුනා.
2002.01.16………………….. සොඳුරු නවාතැන්පොලක් බිහිවීමේ මුල් ගල තියන්නෙ එදා වගේ දවසක. හා හා පුරා කියලා ලාංකීය පාසල් මාධ්‍ය වංශ කතාවෙ අලුත් පිටුවක් රෝහණ දේශයෙන් ලියවෙන්න පටන්ගත්තු දවස තමයි ඒ. රාජා වීරසිංහ සර් වගේම තරිඳු අයිය තමයි ඒකට මුල් වුනේ . එදා මම මාධ්‍ය ඒකකයත් එක්ක බැඳෙන්නෙ හරි අපූරු විදියට. පලමුවෙනි රැස්වීම අහවර වෙන්නෙ මම 10 වසර නියෝජිතයා බවට පත්වෙමින්.කොට කලිසමක් ඇඳගෙන මාධ්‍ය ඒකකයේ සමාජිකයෙක් වෙන්නට වරම් නොතිබුනත් මාධ්‍ය ඒකකයේ ආරම්භක සමාජිකයෙක් වෙන්න ලැබුන එක ගැන නම් හිතේ තියෙන්නෙ පුදුමාකාර සතුටක්.ඒ තමයි නොනවතින මගේ මාධ්‍ය ජීවිතයේ ආරම්භය. ඒ මීට අවුරුදු 9කට උඩදි.
වැඩක තියන අමාරුම කොටස ඒ වැඩේ පටන් ගැන්ම කියලයි කතාවට කියන්නෙ.අපිටත් මාධ්‍ය ඒකකය පටන්ගත්තු කාලය ප්‍රශ්නකාරි අත්දැකීම් වලට මුහුන දීපු කාලයක් වුන.ඒ අවුරුද්හු 2 කටුකයි, හැබැයි මතක් කරනකොට හරිම සතුටුයි.අපේ මාධ්‍ය ඒකකයේ ඉදිරි ගමන් මග කොහොම සකස් වෙන්න ඕනද කියන එක ගැන අපි අවුරුදු 2ක් පුරාවට පිඹුරුපත් සකස්කලා.තරිඳු ධනංජය වීරසිංහ කියන ඒ දැවැන්ත චරිතය මාධ්‍ය ඒකකයට ඒ පලමුවෙනි අවුරුදු 2කේදි නායකත්වය නොදුන්නානම් ඒක එච්චර ලේසි වෙන එකක් නෑ.ඒ පදනම බොහොම ශක්තිමත් පදනමක්.තරිඳු අයිය එදා දාපු ඒ යෝධ අත්තිවාරම මත තමයි හැමදාටම මාධ්‍ය ඒකකය රඳාපවතින්නෙ.අපි ලබපු හැම ජයග්‍රහනයකටම හේතුව ඒ පදනම. ඒ පදනම කඩන්න බොහොම දෙනෙක් උත්සාහ කලත් ඒක කඩන්න බැරි වුනේ ඒ නිසා වෙන්න ඇති.
කොහොම වුනත් පලමුවෙනි අවුරුදු 2කෙදි අපි ජයග්‍රහනයට වඩා භුක්ති වින්දේ පරාජය. අපි සැලුනෙ නෑ.වැටුනෙ නෑ.පරාජය තුලින් පාඩම් ඉගෙනගනිමින් අපි ඉදිරියටම ගියා. 2003 අග වෙනකොට මාධ්‍ය ඒකකයේ දෛවය වෙනස් වුනා.ඒ මාධ්‍ය ඒකකයට සමස්ථ ලංකා ප්‍රථම සම්මානය ලැබීමත් එක්ක.තරිඳු අයිය වසරේ හොඳම පාසල් නිවේදක විදියට ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවා.ඒ ඔස්සේ අපිට ජයග්‍රහන මාවතේ දොරගුලු විවෘත වුනා.ඊට පස්සේ අපි කවදාවත් ආපහු හැරුනෙ නෑ.හැරෙන්න අවශ්‍යතාවයකුත් තිබුනෙත් නැහැ.අමාරුවෙන් හොයාගත් ජයග්‍රහන මාවත රැකගැනීම ඊටත් වඩා අමාරු බව අපිට හොදින්ම වැටහුනා.ඒ සදහා අපි හැම කෙනෙක්ම උපරිමයෙන් කැපවුනා.අපි ජයග්‍රහන සොයා යනවාට වඩා ජයග්‍රහනයන් අපිව සොයගෙන අවා.2004 දි තරඟාවලි 8න් 6ක්,2005 දි තරඟාවලි 13න් 12ක් අපි ජයග්‍රහනය කලා. ඒ විදියට විවෘත වුනු ජයග්‍රහනයේ දොරගුලු සදහටම විවෘතව තියාගන්න අපි වගබලාගත්තා. මේ අවුරුදු 7 පුරාවට අපි තවමත් ඒ ජයග්‍රහන මාවතේ ඉදිරියටම ගමන් කරනවා.
10 වසරෙදි වසර නියෝජිතයා 11 වසරෙදි සහකාර ලේකම් තනතුරට පත්වෙනව.ඊට පස්සෙ අවුරුද්දෙදි ඒ කියන්නෙ 2004 දි මාධ්‍ය ඒකකය බිහි කල 3 වන සභාපතිවරයා වෙන්න තරම් මම වාසනාවන්ත වෙනවා. මෙච්චර කාලෙකට මාධ්‍ය ඒකකය දියත් කල ලොකුම ව්‍යාපෘතිය දියත් කරන්න අපිට හැකියාව ලැබෙනව. ඒ තිස්ස ජයවර්ධන අනුස්මරන නිවේදක තරඟාවලිය දකුණු පලාත් මට්ටමින් ප්‍රථම වතාවට සංවිධානය කරපු මේ නිවේදක තරගාවලිය ගැන එදා කවුරුත් බොහොම සතුටෙන් කතා කරපු හැටි මට අද වගේ මතකයි.ඒ සතුට අපි හැම දෙනාම බෙදා ගත්තෙ ආයෙමත් ඒ තරඟාවලිය ගැන බලපොරොත්තුවක් හිතේ ඉතුරු කරගෙන.
යුගයක නිමාවක් කියන්නෙ තවත් යුගයක ඇරඹුමක්. වසර 2 ක තරිඳු අයියගෙ යුගයෙන් මගේ යුගයට එලඹුනු මාධ්‍ය ඒකකය, අවුරුද්දකට පස්සෙ තවත් යුගයකට බාරදෙන්න මට සිදුවුනා.එත් එක්කම අපිට ජේශ්ඨත්වය පිරිනැමුනා.මාධ්‍ය ඒකකය වෙනුවෙන් හෙලපු දහදිය පොදට වටිනාකමක් එක්වුනේ එහෙමයි. කොහොම වුනත් යුගයෙන් යුගය ගෙවිල ගිහිල්ල අවුරුදු 9ක් ගතවෙන තැනට මාධ්‍ය ඒකකය අද ඇවිල්ල තියනව.මෙ අවුරුදු 9 මුළුල්ලෙ අපි ආපු ගමන් මග රෝස මල් අතුරපු යහනාවක් නොවන රළු පරළු ගල් බොරළු පිරුනු මාවතක්.ඒ ගමන් මග දුක සතුට නින්දා ප්‍රශංසා මේ හැම දෙයකින්ම හැදිලයි තිබුනෙ
2010.01.16………………………………………… ලබන්න තව තියෙන්නෙ මාස කීපයක කාලයක් විතරයි. එදා වසර නියෝජිතයා අද වෙනකොට මාධ්‍ය ඒකකයෙ ජේයශ්ඨ සාමජිකයෙක්.මොනව වුනත් මේ අවුරුදු 7 පුරාවට අපි මාධ්‍ය ඒකකයත් එක්ක බොහොම ආදරෙන් බැඳුන. හරියට ගහට පොත්ත, පොත්තට ගහ වගෙ. අපි අපේ ජීවිත වල වටිනාම පාඩම් මාධ්‍ය ඒකකය නිසා ඉගෙන ගත්තා…පාසලට ආපු ගමන් පොත් බෑගය පන්තියේ දාල කෙලින්ම දුවන්නෙ ප්‍රවෘත්ති මැදිරියට. ඇත්තටම ඒ අතීතය කොච්චර සොඳුරුද? ඒ අතීතයට මට ආපහු යන්න ඇත්නම්…………….
ඒත්…………….. ගෙවිල ගිය අවුරුදු 7 පුරාවට කල්පනා කරනකොට මට නම් හිතෙන්නෙ අපිට තිබුනු වටිනාම කාලය ජයග්‍රහනයන්ට වඩා පරාජයන් උරුම වුනු ජයග්‍රහනයේ මාවත හොයාගන්න වෙහෙසවුනු ඒ පලමුවෙනි අවුරුදු කිහිපය කියල.ඒ අවුරුදු කිහිපය මතක් වෙනකොට හිතට දැනෙන සතුට කියල නිම කරන්න බැරි වෙන්නෙ ලේසියන් ලබන ජයග්‍රහනයට වඩා අමාරුවෙන් ලබන ජයග්‍රහනයේ අගය හුඟක් වැඩි නිසා වෙන්න ඇති.
මේ සොඳුරු නවතැන්පොල නිසා අපි අපේ ජීවිත වල වටිනාම පාඩම් ඉගෙන ගත්තා.ඕනම තැනකදි සත්‍ය කතාකරන්නත් නිරන්තරයෙන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින්නත් අපි පුරුදු වුනා.ප්‍රශ්න ගේන පුද්ගලයා කව්ද කියල බලන්නෙ නැතුව ගේන ප්‍රශ්නය මොකක් වුනත් එකට පිලිතුරු දෙන්න අපි සූදනමින් හිටිය..ප්‍රශ්න පැන නගිනකොට ඒවට විසඳුම් හොයන කොට එන බාධක හමුවේ නොසැලි ඉන්න ශක්තිය මාධ්‍ය ඒකකය අපිට ලබා දුන්නා.ජයග්‍රහනයන් වලදි උදම් නොවීමට වගේම පරාජයන් හමුවෙ ඒවා දරා ගනීමේ ශක්තියත් මාධ්‍ය ඒකකයෙන් අපිට ලැබුන .ජයග්‍රහනයකින් උගත හැකි දේට වඩා පරාජයකින් උගත හැකි දේ සිය ගුනයකින් විශාල බව පලමුවෙනි අවුරුදු කිහිපය තුල අපිට හොදින් වැටහුනා.බාධක ප්‍රශ්න හමුවේ අපි ඇදගෙන වැටුනත් නැවතත් පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටීම, නොවැටී ගමන් කරනවාට වඩා අර්ථාන්විත බව මෙ අවුරුදු 7 පුරාවට මාධ්‍ය ඒකකය අපිට පසක් කලා.කෙටියෙන්ම කියනවනම් අපේ ජීවිත වල වර්ණවත් අපූරු හැඩතලයන් නිර්මාණය කරන්න මාධ්‍ය ඒකකය සමත් වුනා.
මේ විදියට මොන දේ ලිව්වත් මම මේ තුන් කාල යාත්ත්‍රාවේ සොඳුරු නවාතැන්පොලට ආදරය කරන්නෙ එක්තරා සුවිශේෂී හේතුවක් නිසා.ඒ මට මගේ ජීවිතය තුල හමුවුනු සොඳුරුතම මිනිසුන් අතලොස්ස අතරින් වැඩි හරියක් මාධ්‍ය ඒකකය ඔස්සේ මගේ ජීවිතයට එකතු වුනු නිසා.විශේෂයෙන්ම තීක්ෂන, තරිඳු අයිය,රංග,කසුන් ……. මේ අය මට මගේ පව්ලේ අය වගේ දැනුන අවස්ථා එමටයි. අපි අපේ ජීවිත වල අමාරු අවස්ථා වලදී එකිනෙකාට උදව් කරගත්තා.ඒ නිසාම අපේ මිතුදම තව තවත් ශක්තිමත් වුනා.”මොන දේ කලත් වැඩක් නෑ හරියට ඉගෙනගත්තෙ නැත්නම්” මාධ්‍ය කෙරුවාව වගේම ඉගෙනගනීමේ කෙරුවාවෙනුත් සාර්ථක වෙන්න අපිට පුලුවන් වුනා. ඒ නිසා තමයි ජපුර කලමනාකරන, මොරටුව ඉංජිනේරු, කොලඹ වෛද්‍ය, නීති පීඨ වල දොරටු අපිට විවෘත වෙන්නෙ.කොහොම වුනත් මාධ්‍ය ඒකකය නිසා ඇතිවුනු ඒ මිතුදම නම් කිසිදාක බිද නොවැටෙන බව නම් මට හොදටම විශ්වාසයි.
කතාවෙ අවසානයට මම ටිකෙන් ටික ලං වෙනව .අපි 2004 ඉතිරි කරල ගිය බලාපොරොත්තුව සඵල කරමින් තිස්ස ජයවර්ධන නිවේදක තරගාවලිය අද සමස්ථ ලංකා මට්ටමින් ඔබ ඉදිරියේ දිග හැරෙනව. අපේ හදවත් තුල නිධන් වෙලා තිබුන ඒ පුංචි බලාපොරොත්තුවට,සොඳුරු සිහිනයට ඊලග පරම්පරාව ජීවිතය දුන්නෙ එහෙමයි.ඒ දිහා දකිනකොට මට ආපහු ඒ අතීතයට යන්න හිතෙනව. 1 වෙනි තිස්ස ජයවර්ධන තරඟාවලිය අපි සංවිධානය කරපු හැටි……..මගෙ හිතේ කොනක ඉදන් මැවිල පේනව.ඒ තරමට ඒ අතීතය සුන්දරයි. අතීතය මත වර්තමානය ගොඩ නැගෙනව .වර්තමානය මත අනාගතය ගොඩ නැගෙනව. අතීතය ඒ තරමට සොඳුරු නම් තුන් කාලයටම මේ නවාතැන්පොල සොඳුරු වෙනවා සත්තයි.
අපි හෙලන මේ දහදිය අනාගතයේ දවසක සොඳුරු මතකයන් අපට ශේෂ කරාවි.අපේ මේ වෑයම මේ සොඳුරු නවතැන්පොලේ තවත් එක් ජයග්‍රහනයක් වශයෙන් ඉතිහාසයට එකතු වේවි.
විශ්වාස කරන්න හෙට දවස සොඳුරු වෙනවා සත්තයි…………………………………..
සුභ පතනවා
ReplyDeleteඉදිරියටත් ලිපි පලකරමින් හොඳින් කරගෙන යන්න.
කියලා වැඩක් නෑ මචන් සිරා පෝස්ට් එක
ReplyDeletewish u all da best............
@ Dj_Delron : බොහොම ස්තූතියි මචෝ :):)
ReplyDelete@ Sachinthana : ගොඩක් ස්තූතියි මේක කියෙව්වාට :) :)