ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2010-07-01

කැම්පස් ලයිෆ් එකට අවුරුදු දෙකයි….



කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ගොඩ වුනාමයි දැක්කෙ සෑහෙන කාලකින් ඒ කියන්නෙ මාස දෙකකින් විතර මුකුත්ම ලියල නෑ නේද කියල…
කැම්පස් එකේ මේ සති 20ට ඒ කියන්නෙ තේරෙන භාසාවෙන් කියනවනම් 2nd semester එකට තියන වැඩ වල හැටියට ලියන්න තියා බ්ලොග් එක පැත්තට ගොඩ වෙන්නවත් වෙලාවක් ලැබුනොත් තමයි පුදුමේ… කොහොමින් කොහොමහරි එහෙට මෙහෙට වැඩ ටික තල්ලු කරගෙන වෙලාවක් හදාගත්ත පොඩ්ඩක් මේ පැත්තට ගොඩ වෙන්න..... අම්මෝ අන්තිමට ඇවිල්ල තියෙන්නේ අප්‍රේල් මාසේ …


කොහොම හරි හිටිගමන් මේ පැත්තට ගොඩ වෙන්න හිතුනේ ගෙවිල ගිය ජූනි මාසෙ 24 වෙනිද ගැන ලියන්න කියල හිතාගෙන. හ්ම්ම්ම්……. 2010 ජූනි 24…
එදාට හරියටම කැම්පස් ඇවිල්ල අවුරුදු දෙකක් සම්පූර්ණ වුනා..
2007 අපොස උසස්පෙල විභාගය සඳහා පෙනී ඉඳල ඒකෙන් සමත් වෙලා 2008 අවුරුද්දෙ ජූනි 24 වෙනිද තමයි අපි හා හා පුරා කියල මොරටුව කැම්පස් එකට ගොඩ වුනේ..
ඒක ඇත්තටම ජීවිත කාලයක් පුරා දැකපු හීනයක් සැබෑ වීමක්…
එදා තරම් මගෙ ජීවිතේ සතුටක් විඳපු දවසක් නැති තරම්..
එක්වරක් ඒ ජීවිත කාලය පුරා දැකපු හීනය ඇස් දෙක ඉදිරිපිට බොඳ වෙලා යනකොට ඒකෙන් නොසැලී නැවත වරක් ඒ හීනය සැබෑ කර ගැනීමට දරපු උත්සාහය ගැන අවංකවම හිතේ ගුලි වුනු සතුටත් පොදි බැඳ ගනිමිනුයි එදා ඒ විසල් ලෝකයට මං පිය නැගුවෙ….


පළවෙනි දවසෙ නොදන්න නුපුරුදු තැනකට යනව කියන හැඟීම තිබුනත් මාත් එක්ක එකට එක පන්තිවල හිටපු යාලුවො හුඟ දෙනෙක් උඩ batch එකේ හිටපු නිසා හිතට බයක් නම් දැනුනේ නෑ..
ඒත් මොකද්දෝ නුපුරුදු හැඟීමකින් ගතත් හිතත් වෙලිලා ගිහිල්ල තිබුනේ…
සමහරවිට ඒ කිසිම කෙනෙක් අඳුරන්නෙ නැති සමාජයකට යන හින්ද හරි එහෙමත් නැත්නම් අලුත්ම අත්දැකීමක් විඳගන්න ලැබෙන නිසා ඒ අත්දැකීම් මොන වගේ වෙයිද කියන කුතුහලය නිසා හරි ඒ හැඟීම දැනුනා වෙන්න පුලුවන්….


කොහොමහරි මුල් දවස් වල පෝලිම් වල ගමන....
අඳින්න වුනේ dress code කියල එකක්…
ඒ කියන්නෙ boys ල නම් අත් කොට shirt සමගින් දික් කලිසම් ඩෙනිම් බෑ.... සපත්තු දාන්නත් ඕන..
හැබැයි අත් ඔර්ලෝසු ඒ වගේම බෙල්ට් එහෙමත් බැඳගෙන යන්න පුලුවන්… එතකොට girls ල නම් දිග ගවුම්.... අයියල නම් අපට කිව්වෙ අපිව කැම්පස් සංස්කෘතියකටද මොකද්ද එකකට හුරු කරන්න එහෙම කරනව කියල..
ඒ වගේම අපිව අනිත් Faculties වල අයගෙන් වෙන් කරල අඳුනගන්නත් එහෙම ඇන්දම පුලුවන්ලු… කොහොමහරි අයියල කියනකන්ම මාස 6ක් විතර ඒ විදියට dress code එක ඇඳගෙන යන්න වුනා…


මුල් මාස කීපය නම් මාරම ආතල් ....…
අලුත් අලුත් උදවිය යාලුවො විදියට දැන හඳුන ගනන්වා… ඒ අයත් එක්ක විස්තර කතා බහ කරනව..
ඒ වගේම අපේ විස්තර ඒ අයත් එක්ක බෙදා හදා ගන්නවා…
මේ විදියට මුල් සති දෙක තුන ගෙවිල යනකොට ලංකාවේ හතර දික් භාගයෙන්ම යාලුවො ගොඩක් කාගෙ කාගෙත් ජීවිත වලට එකතු කරගන්න පුලුවන් වුනා..
දැන් උනත් ලංකාව වටේම යාලුවො ඉන්නවා කියල දැනෙනකොට හිතට දැනෙන්නේ පුදුම හැඟීමක් ….


මාස තුනක් විතර යනකන් තිබුනේ CSD කියල programme එකක්..
ඒ වෙනකොට අපිව අපේ වාසගම් අනුව පිලිවෙලට group විදියට කඩල තමයි හිටියේ…
මම අයිති වුනේ A2 group එකට..
මට හිතෙන්නෙ අපේ batch එකේ තිබුනු groups වලින් සිරාම group එක තමයි ඒ..
අවුරුද්ද අවසානයේ වෙනස් වෙනස් ෆීල්ඩ්ස් වලට වෙන් වුනාට පස්සෙත් අපි අතර තාමත් තියන බැඳීම ඒ විදියටම තියෙන්නෙ ඒ නිසා වෙන්න ඇති...


කවදාවත් අමතක නොවන A2 පලවෙනි ට්‍රිප් එක…..
මහ වැස්සෙ 60 දෙනෙක් එක්ක හන්තාන නැග්ග කිව්වම…..
පේරාදෙනිය Union එකේ සහයෝගයත් ඇතුව තමයි කට්ටිය හන්තාන නැග්ගේ..
එදා බත් කෑවෙත් මහ වැස්සෙ වතුරත් එක්ක........ හොදි ඕන නෑ එහෙම කන්න ලැබෙනකොට…
සමහරුන්ගෙ කකුල් වල කූඩැල්ලො එල්ලිලා….. උන්ව ගලවල දැම්මම ලේ යනව නවත්ගන්න බෑ…
ඒ විතරක්ද.... මහ වැස්සෙ ලිස්ස ලිස්ස කඳු නැගල ආපහු බැහැල බස් එකට යනකොට හොඳ ගනන් හෙහ්හෙහ්…..
ඊට පස්සෙ කොල පුච්චල ඒවගෙ අළු තුවාල වලට දාල තමයි ලේ යන එක නවත්ත ගත්තේ….හික් හික්…..
පුලුවන් වුනොත් ඒ ගැන වෙනම ලිපියක් ලියන්න ඕන……


ඊට පස්සෙ තමයි Academic කොටස ආරම්භ වෙන්නෙ....
ඔන්න එතකොට තමයි ඇත්තටම කැම්පස් එකේ වැඩ කොහොමද කියන එක ඇඟට දැනෙන්න පටන් ගත්තේ..
මාස තුනක් විතර පුලුවන් තරම් විනෝද වෙලා පාඩම් කරනව කියන එකවත් මතක නැතුව ඉන්නකොට තමයි Academic පටන් ගත්තේ.. ඊට පස්සෙ ඉතින් දිගටම වැඩ වැඩ වැඩ…
කොහොමත් තමන් කැමති ෆීල්ඩ් එකට යන්න ආසාව තිබුනු නිසාම කවුරුත් සෑහෙන මහන්සි වෙලා වැඩ කලා…
පලවෙනි semester එකේ 100 වෙනියා..
දෙවෙනි semester එකෙත් විභාගේ ලිව්වට පස්සෙ අවසානයේ බලනකොට මුලු batch එකෙන්ම 117 වෙනියා… යන්නම කියල විශේෂ ආසාවක් නොතිබුනත් යන්තම් electronics වලට යන්න තරම් මං වාසනාවන්ත වුනා..
ඒක තමයි පලවෙනි අවුරුද්දෙදි මං ලබපු වටිනාම තෑග්ග …


ආහ් කියන්න අමතක වුනානේ පලවෙනි අවුරුද්ද අතර වාරයේදි තමයි කැම්පස් එක ඇතුලේ පලවෙනි නිවේදන කටයුත්තට දායක වෙන්න අවස්ථාව ලැබුනේ….ඒ එරබදු යායේ වසන්තය අවුරුදු බක්මහ උළෙල….
උඩ Batch එකේ අයියල සංවිධානය කරපු ඒ උත්සවයේදි තමයි හා හා පුරා කියල මගේ නිවේදන හැකියාවන් පෙන්වන්නත් පුලුවන් වුනේ….
ඊට අමතරව තව ඔය පොඩි පොඩි උත්සව කිහිපයකටත් නිවේදන වලින් දායක වෙන්නත් අවස්ථාව ලැබුන….
ඒ වගේම තමයි කැම්පස් එකේ පලවෙනි මඟුල් ගෙදර ගත්තෙත් අපේ බෝඩිමෙන්.........
මෙච්චර කාලෙකට කැම්පස් එකේ අපේ batch එකෙන් ගත්තු මුල්ම සහ අවසාන මඟුල් ගෙදර….
අපේ බෝඩිමේ යලුවෙක් හා හා පුරා කියල ගොඩ ගිය වෙලාවේ තමයි නැකතට වැඩේ සිද්ධ වුනේ...
සෑහෙන්න ප්ලෑන් කරල එහෙම වැඩේ කලේ… පෝස්ටර් ගහල.. මගුල් පෝරුවක් හදල.... නැකත් බලල... කැම්පස් එකේ boat yard එකේදියි වැඩේ පැවැත්වුනේ…
ඒකත් කැම්පස් ලයිෆ් එකේ තවත් එක් අමතක නොවන මතකයක්…..


ඇකට බරටම බර දීපු පලවෙනි අවුරුද්ද ගතවෙලා යනකොට අපි Academic වලින් පලවෙනි අවුරුද්දයි දෙවෙනි අවුරුද්දයි අතරෙ හිටියේ.. හෙහෙහේ
ඒ June term කියල term එකක… ඒකෙදි අපිට එක එක project කරල අදහස් විදියට පෙන්නන තිබුනා….
ඊට පස්සෙ අපිව අපේ සිහින ෆීල්ඩ්ස් වලට යොමු කලා …
ඊට පස්සෙ ඔය අතරෙදි අපේ පොඩි batch එක කැම්පස් එකට ඇතුල්වුනා..
ඒකෙ උත්සවේදිත් සුපුරුදු පරිදි නිවේදනයෙන් දායක් වෙන්න අවස්ථාව ලැබුන ….


පලවෙනි අවුරුද්ද හොඳටම බර දීල දීල වැඩ කලාට පස්සෙ කවුරුත් හිතාගෙන හිටියේ වැඩිය බරක් නම් දැනෙන එකක් නෑ කියල… Aca preassure එක අඩු වුනාට ඉහටත් උඩින් වැඩ කන්දරාවක් ගොඩ ගැහෙනව කියල සතියක් යන්නත් කලින් අපිට තෙරුනා… හික් හික්…
ඒ වුනත් Department එකේ නොයෙකුත් බාහිර වැඩ සෙට් වෙනකොට නම් කවුරුත් ඇක පැත්තකට දාල එක වගේ වැඩ කලා… ඒකට හොඳම උදාහරණය තමයි.. අපේ department එකෙන් කරපු EXPOSE exhibition එක…
ඒකෙ Radio එක සම්පූර්ණයෙන්ම භාර වුනේ මට…
ඒකත් එක්තරා ආකරයකට සිහිනයක් හැබෑ වීමක් වගේ ....… වැඩේ නම් හොඳටම කෙරුනා..


ඊට පස්සෙ යාත්‍රා කියල කැම්පස් එකේ ශාස්ත්‍රීය සංගීත සංසදය මගින් කරන සංගීත කර්තව්‍යයන් වලදි වගේම..
නොයෙකුත් බාහිර උත්සව වලදිත් නිවේදනය කිරීමේ වගකීම බොහෝ අවස්ථා වලදි මගේ කර පිටට වැටුනා… කීයද කියල හරියටම මතක නැති වුනත් අඩුම ගානේ නිවේදන කටයුත්තෙන් උත්සව 25කට වත් දායක වෙන්න මේ අවුරුදු දෙකේදි අවස්ථාව ලැබෙන්න ඇති…..


මේ හැමදේකටම වඩා මට නම් වටින්නෙ... මේ අවුරුදු දෙක ඇතුලතදි ලංකාවේ නොගිය තැනක් නැති තරමට සංචාරය කරන්න ලැබුනු එක..
නුවර, අනුරාධපුරය, මීගමුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, බදුල්ල, රත්නපුරය, මන්නාරම, මඩු, ත්‍රිකුණාමලය, ගම්පහ, නුවර එලිය....
මේ වගේ හුගක් තැන් වල යන්න ලැබුනා… හරියට නිකන් ලංකාවම කවර් කලා වගේ…..


එක semester එකක් ගෙවිල දැන් ඉන්නෙ දෙවෙනි අවුරුද්දෙ දෙවෙනි semester එකේ අන්තිම හරියෙ…….. හැබයි කැම්පස් එකට මුලින්ම පය තියල අවුරුදු දෙකක් ගෙවිල ගිහිල්ල ඉවරයි…
ජීවිතේ ගෙවිල ගිය වෙන අවුරුදු වලට වඩා මේ අවුරුදු දෙක හුගක් වෙනස් අවුරුදු දෙකක්..
තේරෙන බාසාවෙන් කියනවනම් හුඟක් Happening අවුරුදු දෙකක්…
මේ අවුරුදු දෙක ඇතුලෙ ගොනු වෙලා තිබුනෙ සතුට විතරක් නෙමෙයි.. දුකත් මදි නොකියන්න තිබුනා.. හෙහෙහේ..

කැම්පස් එකටම පොදු දෙයක් වුනු ආදරේ ගැන කතා නොකලොත් ඒකත් අඩුවක් වේවි... සරසවි ප්‍රේමයෙන් සමහරු ඉහලින්ම ජය ගනිද්දි තවත් සමහරු පරාද වුන හැටි.. තවත් සමහරු මුලදි ජයගෙන පස්සෙ පරාද වුන හැටි..
තවත් අය මුලින් පරාද වෙලා පස්සෙ තමන්ගෙ ආදරය හොයාගත්ත හැටි…....
තවත් අය තාමත් බලපොරොත්තු තියගෙන ඉන්න හැටි.. වටේ පිටේ ඉන්න හුග දෙනෙක් බලන් හිටියා..
ඒව තම තමන්ගේ ජීවිත වල මතක හිටින පාඩම් බවට පත් කරගන්නත් සමහරු අමතක කලේ නෑ...
සමහර අය දුක් වෙන කොට තවත් අය සතුටු වෙනවා…
සමහරු ගැන හොඳ එක පැත්තකින් ඇහෙනකොට.. අනිත් පැත්තෙන් තවත් කෙනෙකුට බනින බැනුම්....
එක එක ප්‍රශ්න ඒවට එක එක විසඳුම්.....
මේ හැම දෙයක්ම මැද්දෙ මට නම් ගෙවිල ගිය මේ අවුරුදු දෙක දිහා බලනකොට දැනෙන්නේ අටලෝ දහම ගොනු වෙලා තිබුනු අවුරුදු දෙකක් ගෙවිල ගියා වගේ…..


ආහ් අලුත් නංගිල මල්ලිල..... අපේ පොඩිම batch එක කැම්පස් එකට ආව 29 වෙනිදා.. ඒ කියන්නෙ අපේ super junior batch එක…
මේ දවස් වල කට්ටියම පෝලිමට තමයි ගමන….. ඒව දකින කොට අපේ අයටත් අපි එහෙම ගිය හැටි මතක් නොවුනොත් තමයි පුදුමේ ………….


හ්ම්ම්ම් out වෙන්න තියෙන්නෙ 2012..... ඒ කියන්නෙ ආව වගේම ගමනක් යන්න තියනව... තවත් අවුරුදු දෙකක්.. ආ මග කෙටියි යා යුතු මග දුරයි කියලනේ කතාවට කියන්නේ...
ඒ නිසා නිරතුරු නුවණැසින් ඉතිරි අවුරුදු දෙකත් තරණය කරන්න තමයි බලපොරොත්තුව…..
බලමු කොහොම වෙයිද කියල…..
කොහොම වුනත් ඉතිරි අවුරුදු දෙක නම් Academic වැඩ බර වැඩි වෙනවනේ…...
ඒ නිසා වැඩිය බාහිර වැඩ වල එහෙම යෙදෙන එකක් නෑ.....
හැබැයි.....
කොච්චර වැඩ තිබුනත්....... කොච්චර Academic වැඩ loss වුනත්.......
GPA එක මොන තරම් පහලට වැටුනත්......
අපේ හුගක් අය..... ඒ සේරම අස්සෙත්..... ජීවිතේ විඳින්න මතකයන් එකතු කරන එක නම්.....
කොහෙත්වම නතර කරන එකක් නෑ කියලයි අවසානයට මට කියන්න ඉතුරු වෙන්නේ…



9 comments:

  1. මාර ෆන් ලයිෆ් එක නේද?ඔන්න එහෙනම් ඉතුරු අවුරුදු දෙකත් සාර්ථකව නිම කර ගැනීමට මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  2. කාලෙකින් නේද සහෝ මේ පැත්තේ ආවේ ? කොහොම වෙතත් ආවා වගේම එළකිරි වගේ ඉස්සරහටත් යන්න ලැබේවා කියලා සුබ පතනවා.....................

    ReplyDelete
  3. අපි නම් තාම ඕල්මෝස්ට් එක අවුරුද්දයි. :-)
    ඒත් හැබැයි අර අටලෝ දහම අපිටත් දැන් තේරිලා තියෙන්නෙ ;-)

    ඒ මොනව වුණත්,
    කැම්පස් එකට ආපහු වසන්තය ලබනකොට...
    අපි ආපහු යාත්‍රා කරනකොට...
    මොන වෙලාවෙ වුණත් මොන වැඩේ කරකර හිටියත්, අපිව දැක්කම අත උඩට උස්සල හිනාවෙලා හලෝ මචං කියල කතා කරන්න උඹ ඉන්න එක ගැන දැනෙන්නෙ මාර සතුටක්.

    සුභ අනාගතයක් මිත්‍රයා!

    ReplyDelete
  4. එලම තමා..
    ඔය පැත්තේ තව මගුලක් යනවා කියල ආරන්චී

    ReplyDelete
  5. ඉදිරි වසර දෙකත් ෆන් උපරිමෙන් ගත කරන්න!මෙන්න අයියේ මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  6. සහතික ඇත්ත සහෝ
    මමත් පහුගිය අවුරුදු දෙකක කාලය තුල මෙතෙක් ජීවිතයේ ලබපු සුන්දරම අත්දැකීම් විඳගත්තා සරසවිය තුළින්.
    ඉදිරි වසර දෙකත් සාර්ථක කරගැනීමට මගේන් සුභ පැතුම් !!!!!!!!!!

    ReplyDelete
  7. gewunu awrudu deka wageama mea awurudu dekak oyata nam hodata thiyewi. no doubts about it. hoda ayata kawadawath waradinne nae nea..... :-)))
    wish u all the very best for ur future.

    ReplyDelete
  8. දවස් කීපයක්ම මම මේ article කියවන්න හිතාගෙන හිටියට අද තමා ඒකට වෙලාවක් හම්බවුනේ.... මෙතන අපේ අවුරුදු දෙකේ වෙච්ච රසබර සිදුවීම් ඔක්කොම වගෙ තියෙනව... මම හිතනව මේකට විද්‍යගෙ bd 1 දවසෙ අපි සින්දු කියල ගත්ත fun එකත් දාල තිබ්බ නම් ලොවෙත් නෑ...

    ReplyDelete
  9. දිනේෂ් : හෙහෙහේ.... මොනව වුනත් ඉතින් ෆන් එකේ ඉන්න තමයි බලන්නේ..... හැබැයි ඉතින් සමහර වෙලාවට වැඩත් එක්ක ෆන් එක අනිත් පැත්ත හැරෙන වෙලාවලුත් තියනවා...... :))))))))) හුගක් ස්තූතියි wish එකට :)))))))
    ------------------------------------------------
    හසිත : හෙහේ..... ඒකනෙ ඒකනෙ කොහෙද ඉතින් වැඩත් එක්ක කොහොම ලියන්නද ????? හික් හික් බොහොත් ශුක්‍රියා wish එකට
    :)))))))))))))))
    ------------------------------------------------
    තීරය : මචං කියන්න දෙයක් නෑ....
    ඒක නම් බොක්කටම වැදුනා :))))))))
    උඹලත් එක්ක හිනා වෙලා කතා කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි බං.. මොකද උඹල සේරම හිත හොඳ මිනිස්සුනේ... :))))))))))) උඹටත් සුබ අනාගතයක්
    ------------------------------------------------
    ගනු : ඔව් ඔව් තව ටික දවසකින් ඒකත් ජයටම ගනී..
    හෙහේ එහෙම වුනොත් නම් මේක මගුල් සක්වලක් වෙයි හික් හික්......... ස්තූතියි කමෙන්ටුවට.... :)))))))))
    ------------------------------------------------
    ජංජාලේ : ආහ් හික් හික් තෑනක්ස් මල්ලියා... උඹටත් මේ කැම්පස් එකට ආව වගේම දුර ගමනක් යන්න ලැබේවා කියල පතනවා...... ජය වේවා.....
    ------------------------------------------------
    ඩිල්ශාන් : හ්ම්ම් ඒක තමයි..... හැබැයි ඒ අත්දැකීම් වලින් හුගක් දේවල් ලැබුනේ A2 එකේ හිටපු කාලේ නිසා නේද මචං... ඇත්තමයි මතක කරනකොටත් ඇස් දෙකට කඳුලු එනවා....... :)))))))))))))
    ------------------------------------------------
    පමිති : ඒකටනම් මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ හෙහෙහේ....... මොනව වුනත් වැරදුනත් හරිගස්සගන්නව ඇරෙන්න පසුතැවිලි වෙන්නෙ නම් නැතිවෙයි............ :))))))))))))))))) thanx for the comment :)))))
    ------------------------------------------------
    දිනුක : ආහ් හෙහේ ඒක තමයි මට ඒක අමතක වුනා නේ..... ඒකත් දැම්ම නම් තමයි හොඳ... හික් හික් මොනව වුනත් මේ අවුරුදු දෙක නම් ජීවිතේ විඳපු ලස්සනම කාලේ වේවි නැද්ද මං අහන්නේ ???? :)))))))))))))))))

    ReplyDelete