ආයුබෝවන්

මගේ බ්ලොග් එක ගැන.........
ඔබේ හිතේ තියන දේ.........
හිතේ හැටියට.......................
මගේ මයික්කරපෝනයට කියල යන්න........................

2011-07-21

යාත්‍රා........ ස්වර්ණවිමානෙන් එහා ලෝකයට.........

යාත්‍රා 2011 සමරු කලාපයෙන් උපුටා ගැනුනි........


ලිපියක් ලියන්න කියල තනුෂාන් මල්ලි කියපු ඉල්ලීම කියා ගන්න බැරි තරම් ආසාවකින් භාර ගත්ත වගේ නෙමෙයි... කොහෙන් කොතැනකින් ලියන්න පටන් ගන්නද කියල හිතා ගන්න බැරුව කොලේකුයි පෑනකුයි එක්ක අතරමං වෙයි කියල මං දැනගෙන හිටියා... මාර වැඩක්නෙ මේක....... දවස් තුනක් තිස්සේ ලියන්න පටන් ගන්න තැනක් හොයනවා... තාමත් හම්බවුනේ නැ... ‍රැට ඇස් දෙකත් පියා ගෙන හදවත නවතින ලියන්න පටන්ගන්න පුළුවන් තැනක් ගැන හිතන්න ගියාම මුලු යාත්‍රා කතාවම ඇස් දෙක ඉස්සරහ පේන්න ගන්නවා.... එතකොට කතාව පටන් ගන්න තැන් හොයන එක පැත්තකින් තියල නිදි දෙව්දුවත් එක්ක මුලු ‍රැය පුරාවටම මං යාත්‍රා බලනවා... රසවිඳිනවා... උදේ නැගිට්ටම තාමත් මං එතනමයි..... ආරම්භයක් නෑ මගේ ලිපියට...

හැබැයි ඉතින් එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ... යාත්‍රා.. ඒ නම ඇහෙනකොටත් දැනෙන්නේ හිත කීරි ගැහිල යන හරි වෙනස්ම හැඟීමක්... හුඟක් වටින කියන තමන්ගෙම කෙනෙක් ගැන දැනෙනවා වගේ... ඒ ඇයි කියල කියන්න මම දන්නෙ නෑ.... යාත්‍රා කියන්නේ ඒ තරමටම අගක් මුලක් හොයාගන්න බැරි රසයක් වින්දනයක් වෙන් කරන්න බැරි වේදනාවක් සතුටක් කියාගන්න බැරි.... හැම රසයම කලවම් වුනු මහ අමුතුම තැනක්..... හරියට කෙල්ලෙක් වගේ.. ඒවගේ තැනක අගක් මුලක් හොයන එකත් එක අතකට මට හිතෙනවා කෙල්ලෙක්ව තේරුම් ගන්න හදනවා වගේ නිෂ්ඵල වැඩක් කියලා...

මෙයත් එක්ක සම්බන්ධකම් ගොඩ නගා ගන්න හුඟ දෙනෙක් උත්සාහ කලා... ඒ අතරින් තරිඳු සිල්වා එහෙමත් නැත්නම් ආදරේට අපි කියන චූටි අයියා, මගේ සමකාලීනයා සචිත් ඒ වගේ ම තනුෂාන් මල්ලි වුනත් විශේෂයි.... ඒ සබඳතාවයන් කෙතරම් දුර දිග ගියා ද කියනවා නම්රැයට සිහිනයෙන් පවා ඔවුන්ට යාත්‍රා පෙනෙන්නට ගත්තා.... මේ තනුෂාන් ට මේ පාර වෙච්ච වැඩක්

ඊයෙ රෑ අම්ම ඇවිත් මම නිදා ගෙන ඉන්න කොට අහල තියෙනවා නෙට් එක දා ගෙනත් නෑනේ, මදුරුවෝ කන්නෙ නැද්ද කියල.........
මම අම්මට කියල තියෙනවා තාම මිනිසා සින්දුව practice කරන්නෙ.......ඒක තාම ඉවර නෑ කියල.....
අම්ම දෙවැනි පාරටත් අහල....
එකම උත්තරය තමයි ලැබිල තියෙන්නෙ.... “

ඔය තියෙන්නේ හොඳම උදාහරණ....... ඔවුන් යාත්‍රාවට අතිශය පෙම් බැන්දා... යාත්‍රා සමග අපි ව වෙනස් ම ලෝකවලටරැගෙන ගියා ... වෙනස් ම ආරක සංගීතමය රිද්මයකට අපේ හද සන්තානය ස්පර්ශ කරන්න ඔවුන් ඉඩ හැරියා... සාම්ප්‍රදායික ශාස්ත්‍රීය සීමාවට නතු නොවී එතැනින් ඔබ්බට සරල සංගීතය දේශීය සංගීතය විදේශීය සංගීතය බටහිර සංගීතය යන මේ සංගීත රිද්මයන් තුලත් ශාස්ත්‍රීය භාවයන් ඒ ලෙසින් ම පවතින බවට ඔවුන් පෙන්වා දුන්නා..... 2009 වසර චූටි අයියා..... 2010 සචිත් මගේ සහෝදර මිත්‍රයා........ ඒවගේ ම මේ වස2011 තනුෂාන් චරිත් කලිඳු මල්ලිලා........ යාත්‍රා පිරිවරට නොබියව අණ දුන්නා... මට ඔවුන් ව පෙනුණේ ආඥාදායකයන් විදියට... අතිශය සොඳුරු සංගීතමය ආඥාදායකයන් .... සංගීතය කෙතරම් අපූරුවට සරල සොඳුරු සංවේදී මිනිසුන් බිහි කරනවා ද යන කාරණයට ඒ හොඳම නිදසුන්.... ඔවුන් අණ දුන්නේ වෙනස් ම ආරක ගමනකට... සප්ත ස්වරයේ මායිම් සොයා යන්නට.... ඔවුන් යාත්‍රා තරුණියට හද පතුලෙන් ආදරය කලා...

කෝ තාමත් තාමත් බැරි වුනානේ හරිහමන් ආරම්භයක් හොයා ගන්න.... කොහොම හොයන්න ද වෙන වෙන වල්පල් නේ කියවන්නේ මෙතන... ආහ් අනිත් එක... ඔය චූටි අයියා, සචිත්, තනුෂාන්, චරිත්, කලිඳු යාත්‍රාවට තමන්ගෙ පණටත් වඩා ආදරය කලාට මොකද යාත්‍රා වැඩිපුර ආදරය කලේ ආඥාදායකත්වයට වඩා ඒ සොඳුරු ආඥාදායකත්වයට යටත් වූ ඊටත් වඩා සොඳුරු සංවේදී මිනිසුන්ට... ඒකනෙ කිව්වෙ මෙයාව කවදාවත් තේරුම් ගන්න නම් වෙන්නෙ නෑ කියලා...... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යාත්‍රා කියන්නේ...ඒ සංවේදී මිනිසුන්ගේ නොසැලෙන උත්සාහයක සාමූහික ප්‍රයත්නයක්...... එය ඔබ සාමාන්‍යයෙන් දකින විඳින සාම්ප්‍රදායික ශාස්ත්‍රීය සංගීත කර්තව්‍යකට වඩා පළල් සිතීමක්... මෙය තුල ඔබ දකින්නේ විඳින්නේ සංගීතය වුනාට ඇත්තටම යාත්‍රා කියන්නේ ඔබේත් මගේත් සරසවි කතාව කියල කිව්වොත් මා නිවැරදියි... ‍රැයක් දවාලක් තැනක් නොතැනක් හරි හැටි කැමක් බීමක් නින්දක් නැතිව යාත්‍රා වෙනුවෙන් ඒ සංවේදී මිනිසුන් හෙළූ අපමණ වූ දහදිය කඳුළු උදෙසා නියම වටිනාකමක් ලබා දෙමින් ඔබට ඔවුන්ගේ දක්ෂතා පෙන්වා දෙන්න වේදිකාවක් බවට පත් වෙන්නට තරම් යාත්‍රා කාරුණික වුනා... ඔවුන්ගේ මියුරු ස්වර රටා ඔවුන්ගේ සුමියුරු ගී වැල් මේ නිදහස් වාතලයට මුසු කරන්න ඒවාට ජීවයක් දෙන්න ඇයට පුළුවන් වුනා... අපට සිතාගන්නටවත් බැරි අති දක්ෂයින් පිරිසක් වයලීන ගිටාර තබ්ලා බටනළා අතැතිව ඔබ ඉදිරියේ සිටින බව ඇය මේ මොහොතේ මුළු මහත් සරසවි බිමට ම සඵත කරමිනුයි සිටින්නේ....... ඒ ඔවුන් වයන්නේ හුදෙක් සංගීත භාණ්ඩයක් නොවේයි....... ඔබට ඔය ඇහෙන්නෙ සරසවිය තුල සමාජීය වගකීමක් ඉ‍ටුවෙන ආකාරය...එහි දෝංකාරය.... වයලීනයක ගිටාරයක තබ්ලාවක හඬකට වඩා වැඩි යමක් ඔබට ඔවුන්ගේ වාදනයන් තුලින් ඇසෙන්නේ එබැවින්....... සොඳුරු සරසවි බිම තුල මනුශ්‍යයත්වය අමතක වී ගිය මොහොතක යන්තර සහ මිනිසුන් අතර ඇති වෙනස මනාව වටහා දෙමින් රසවින්දනයෙන් හෙබි මිනිසුන් මේ භූමිය තුල තවමත් ජීවත් සිටින බව ඇය පසක් කලා.. කටුක කටෝර කර්කෂක වුන විෂය පථයන් එක්ක හැප්පෙන පෙළෙන ඒ මත්තේ නැහෙන අපට අපේ ජීවිත වලට අමා වස්සානයක් බවට පත් වෙන්නට යාත්‍රා සමත් වුනා.......

ඇයි එහෙනම් ඇය වෙනත් අයට වඩා වෙනස් වෙන්නේ.... ඇයට තිබෙන්නේ බොහොම දැකුම්කලු රූපයක්.... එයට ඕන කෙනෙකුගේ නෙතත් සිතත් වශී වෙන එක වලක්වන්නට කාටවත් බැහැ.... .. ඇයගේ කටහඬ තුල ඇති මධුර බව මට ගෙන එන්නේ අපූර්වතම මිහිරියාවක්.... ඇයට ඇත්තේ මෘදු හදවතක්... ඇය ඒ හදවතින් හැම දෙනාගේ ම සිත් සතන් නිවා සනහා ලනවා................ නමුත්...... මේ සියල්ල ම මැද්දේ මං ඇයට ආදරය කරන්නේ එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා...

ඔබ දන්නවද මේ විදියට කතාවක අගක් මුලක් ගලපන්න බැරි මම ..... කොහොමද යාත්‍රා එක්ක සම්බන්ධ වෙන්නේ කියලා.... ඒක මට විතරක් නෙමෙයි තවත් හතර පස් දෙනෙකුට වත් පොදු කතාවක් වේවි...... යාත්‍රා ඔබේ නෙත් මානයේ විකසිත කිරීමට දර දිය අදින්නේ ශාස්ත්‍රීය සංගීත සංසදය.... ඒ සංසදයේ සිටින්නේ හුදෙක් සංගීතමය හැකියාවන්ගෙන් යුක්ත පිරිසක් බව ඔබ සිතනවා වෙන්නට පුළුවන්...... ඔව් ඔබ හරි.... බහුතරයක ගේ කතාව එයයි.. නමුත් ඊටත් වඩා හාත්පසින්ම වෙනස්ම පිරිසක් යාත්‍රා සමඟ බැඳී සිටිනවා.... ඔවුන්ගේ සංගීතමය හැකියාවන් සමන්විත වෙන්නේ ගායනයෙන් වාදනයෙන් හෝ නර්තනයෙන් නම් නොවෙයි.... ඔවුන්ගේ ක්ෂේත්‍රයන් තුල හිඳිමින් ඔවුන් සංගීතය උදෙසා සංගීතමය භාවයන් උද්දීපනය කරනවා..... ඔබ අද යාත්‍රා පසුබිමේ දකින සිතුවම නිර්මාණය වුනු පෑනෙන් පින්සලෙන් වගේම....... මුල ඉඳල අගටම යාත්‍රාව වචනයෙන් මෙහෙයවපු මයික්කරපෝනයෙන්..... අපූර්ව ආකරයේ නාද රටාවන් ගෙන එන ධ්වනියෙන්...... ශ්‍රව්‍ය සංකලනයෙන්..... දෘශ්‍ය සංකලනයෙන් පමණක් නොවෙයි.... සම්පත් දායකයන් ලෙස අමිල වූ අදහස් දක්වමින් යාත්‍රාවේ රසාස්වාදය උදෙසා මෙහෙයවුනු චින්තනය තුලිනුත් ඒ වාදකයන් නොවන ගායකයන් නොවන සරල මිනිසුන් සංගීතය වෙනුවෙන් හැඟීම් ජනිත කරන්නට සමත් වෙනවා..... ඒ නිසා හිතන්න එපා ඔබ දකින සුන්දර පසුතල නිර්මාණය කරන්නේ ඒ වගේම වදන් හරඹ වල යෙදෙමින් නිවේදනයක යෙදෙන්නේ ධ්වනිතාර්තයන් ඔබට ජනිත කරන්නේ... යාත්‍රිකයින්ට හැකියාවේ වේදිකාව නිර්මාණය කරන්නේ.... කෙටියෙන්ම කියනවානම් යාත්‍රා වල යටි බිම් ස්ථරය බවට පත් වෙන්නේ.. වෙනත් තැන් වල වගේ කුලියට එන පිරිසක් යැයි කියා... ඒ සියළුම දේ සිදුවන්නේ යාත්‍රා පිරිවර විසින්මයි...... ඔවුන් වේදිකාව මතු පිටට පැමිණියේ නැතත් ඔවුනුත් යාත්‍රාවට පෙම් බැඳි මිනිසුන්...... එයයි සුන්දරත්වය..... විවිධාකාර හැකියාවන්ගෙන් සමන්විත වන විවිධාකාර මති මතාන්තර දරන සමහර විටක සංගීතය පිළිබඳව කිසිඳු සෛද්ධාන්තික පදනමක් නැති මිනිසුන් පවා යාත්‍රාවෙහි කොටස් කාරයන් වුනා... ඔවුන් යාත්‍රා ඔවුන්ගේ ජීවිතය බවට පත් කර ගත්තා... මාත් ඒ මිනිසුන්ගෙන් කෙනෙක් බව මම කියන්නෙ බොහොම නිහතමානීව..... ඒක ඔබට සිතාගන්නටවත් පුළුවන් ද.... තාලයක් ස්වර ස්ථානයක් අලංකාරයක් පිළිබඳව කිසිදු හැඟීමක් නැති නමුත් සංගීතය දැනෙන තමන් කරන දෙය තුල සංගීතය සොයන ඒවාට වෙනස් ම අර්ථ කථන දෙන කෙනෙක් යාත්‍රා තමන්ගේ ජීවිතය වගේ කියන එක...

අම්මෝ මේක තමයි කියන්න අමාරු ම ටික... ඒ නිසා යාත්‍රා කියන්නේ.... ඇත්තටම අපිට අපේ ජීවිතය වගේ...... අපි හරි වාසනාවන්තයි යාත්‍රා සමඟ යාත්‍රා කරන්නට ලැබීම ගැන.... තරිඳු අයියේ... සචිත්..... රංග..... මධුර... උඹලට බොහොම පින් අපිව යාත්‍රා හි කොටස්කාරයන් කරගත්තට..... සරසවි ජීවිතයේ අමතක නොවන මතකයක් මතක පොතේ ගෙත්තම් කරන්න ඉඩ හසර වෙන් කලාට.. අපිටත් අපිට පුළුවන් සංගීතය අපිට පුළුවන් විදියට අපේ භාසාවෙන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නට.... තනුෂාන්..... චරිත්.... කලිඳු..... සංඛ...... උඹලට බොහොම පින් මුන් මොනවද සංගීතේ ගැන දන්නෙ කියන ඇහෙන් අපි දිහා කවදාවත් නොබැලුවාට..... අපි කියන දේවල් වලට ඇහුම්කන් දුන්නට...... අපෙන් අදහස් විමසුවාට... අන්තිමට ගීත පෙළගැස්ම පවා කොහොම වෙන්න ඕනද කියල මගෙන් අහන කොට ඇස් දෙකට ආපු කඳුළු හංග ගන්න දරපු මහන්සිය දන්නෙ මං විතරයි.... සංගීතය ආගමක් කරගත්තු උඹලා ඇයි අපෙන් මේ විදියට අදහස් ගන්නේ.. උඹලට මේ විදියට අදහස් දෙන්න අපිට තියන සුදුසුකම් මොනවද කියල මට හිතුන වාර අනන්තයි අප්‍රමාණයි..... සමහරවිට එහෙම අහන්නේ අපිත් යාත්‍රා ඇතුලේ ජීවත් වුනු බව යාත්‍රා අපෙත් ජීවිතය වුන බව උඹලා විශ්වාස කරන නිසා වෙන්නැති ..... ඒ විශ්වාසයට අපි උඹලා හැමෝටම හැමදාමත් ගෞරව කරාවි....

හිතවතුනි අගක් මුලක් නැති හිතේ තිබුනු දෙයක් ඔහේ කියවුනු කතාවක අවසානයට මං ටිකෙන් ටික ලං වෙනවා.... මගේ කතාව එහෙම වුනාට ඇයගේ කතාව එහෙම නොවන බව ඔබට දැනටමත් තනුෂාන් සංඛ කලිඳු සචිත් චරිත් ඇතුළු පිරිවර පසක් කර ඇති බව නො අනුමානයි.....යාත්‍රා 2011 තුන් වෙනි පරම්පරාවත් මේ වෙනකොට ඔබේ නෙත් මානයේ විකසිත වී හමාරයි.....ගිය වසරේ යාත්‍රා 2010 අවසන් වෙනකොට හද පත්ලේ නිදන් වුනු ඒ පුංචි බලාපොරොත්තුවට, සොඳුරු සිහිනයට ඊලඟ පරම්පරාව ජීවිතය දුන්නේ එහෙමයි.... ඒ දිහා දකිනකොට මට ආපහු අතීතයට යන්න හිතෙනවා..... අපිට යාත්‍රා 2009..... යාත්‍රා 2010..... ජීවිතය වුනු හැටි..... යාත්‍රිකයින් රෑ නිදිමරාගෙන පුහුණුවීම් කරපු හැටි.. මම ඒ දිහා කන්න වගේ බලන් හිටපු හැටි.... මලිත්ගේ චතුරගේ කෙලින්ගේ පින්සල් පාරවල් වලින් යාත්‍රා වර්ණවත් කරපු හැටි...... පියුම්ගේ පුන්සිරුගේ තාක්ෂණික සහයෙන් යාත්‍රා ගොඩනැංවුනු හැටි...... ඒ විතරක් නෙවෙයි... තනුෂාන් ගේ ඇඟිලි තුඩු මතින් වැයෙන පියානෝවෙන් චරිත්ගේ අත්ලෙන් කම්පනය වන තබ්ලාවෙන් කලිඳුගේ සචිත්ගේ මනරම් ගිටාරයෙන් රංගගේ කන් බිහිරි කරවන බෙර හඬින් ධනිකගේ ජූඩ්ගේ සංඛගේ ගායනයෙන් යාත්‍රා පිරුණු හැටි මගේ හිතේ කොනක ඉඳන් මැවිල පේනවා.... ඉදිරියටත් බිහිවෙන හැම පරම්පාරාවක්ම යාත්‍රා උදෙසා තමන්ගේ කාලයෙන් මොහොතක් හෝ වැය කරාවි... ඇයට කරන ආදරය කවදාකවත් අපතේ යන ආදරයක් නොවෙයි... .... ඇය ආපස්සට අපිට කරන්නේ මිල කල නොහැකි ආදරයක්.... ඒ තුලින් අපි ඉගෙනගන්නේ මිල කල නොහැකි පාඩමක්...... අපිට ලැබෙන්නේ මිල කල නොහැකි සහෝදර බැඳීමක්...

.

කතාවට හරි හමන් ආරම්භයක් නොතිබුනාට හොඳ අවසානයක් වත් දෙන්න උත්සාහයක් ගමු.... අවුරුදු තුනක් තිස්සේ යාත්‍රාවත් එක්ක ජීවත් වුනාට ඇයව සියැසින් දැක බලාගන්න වරම වාසනාව හිමි වුනේ මේ වසරේ දී... කාලෙකට පස්සේ සරසවි ජීවිතය තුල ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් මුල් ම වතාවට යාත්‍රා බලන්න අවස්ථාව ලැබුණා.... ඔව් මාත් ඔබත් එක්කම යාත්‍රා සියැසින් දැක බලාගත්තා... විඳ දරාගත්තා.... සොඳුරු මතකයන් ගොන්නක් හදවතට එකතු කර ගත්තා.... ඉතින් හිතල බලන්න....... යාත්‍රා ඒ තරමටම සොඳුරුයි.... ඇයගේ වේදිකාව මත ගයන්න වයන්න රඟන්න පමණක් නොවෙයි... ඇය ගැන දෙයක් කියන්න වුනත් කෙතරම් සුදුසුකම් ගොන්නක් සපුරන්න ඕනද කියල දැන් තේරෙනවා නේද.. ? ඒ නිසා ආරම්භයක් නැති වුනාට අවසානයක් නැති වුනාට තරහ වෙන්න එපා..... යාත්‍රා කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්තු හැමෝටම එක වගේ ආදරය කරන ලස්සන කෙල්ලෙක්..... එයාව තේරුම් ගන්න යන්න එපා.... ඔබට කවදාවත් තේරුම් ගනන් බැරිවේවි..... නමුත් රසවිඳින්න... තෙරක් නොපෙනෙන තෙක් භාවයන් සන්තර්පනය වන තෙක් රසවිඳින්න.....

මෙන්න..... නිදි දෙව්දුව මාව තනි කරල යන්න හදන්නේ.... හෙට ඉඳන් යාත්‍රා 2011 බලන්න ලෑස්ති වෙන්න කියලයි එයා කියන්නේ.....එහෙනම් අවුරුදු දෙකක් තිස්සේ ජීවත් වුනු තවත් එක සොඳුරු සිහිනයක් වුනු යාත්‍රා එදා නිමා කරපු විදියටම මේ කතාවත් නිමා කරල පියවි ලෝකයට ගොඩ වෙන්න ඉතින් මට අවසර..

ඉස්සරත් දක්ෂයෝ සිටියහ......

සරඹ පෑ සසරෙහි පුරුද්දෙන්......

ඇස් වහක් නැත අදත් එහෙමයි......

හෙටත් මේ තැන් හිස් නොවෙද්දෙන්.....

දොස් කියන අය දොස් කියද්දී ......

පුදන අය බුහුමන් පුදද්දෙන්.......

ගස් වැටෙන විට පැල හැදෙද්දෙන්......

දළු දමද්දෙන් මල් පිපෙද්දෙන්......

යාත්‍රා............... ඔබට............... චිරං ජයතු චිරං ජීව !!!!!!!!!

2011-06-19

Cruncher 2011 පරිඝණක ක්‍රීඩා නිර්මානය කිරීමේ තරගාවලිය


පරිඝනක ක්‍රීඩා කිව්වම ඔබේ මතකයට නිතැතින්ම නැගෙන්නෙ මොන වගේ හැඟීමක්ද? සමහරවිට ඔබ වැඩිහිටියෙක් නම් හිතේවි තමන්ගෙ දරුවට විභාග වලදි ලැබෙන ලකුණු අඩු වෙන්නෙ මේ ක්‍රීඩා වලට ඇබ්බැහි වුණු නිසා කියල. ඔබ තරුණයෙක් නම් ඔබේ මතකයට ඒවි ඔබ මෑතකදි ක්‍රීඩා කරපු ඔබ ආසම කරන පරිඝනක ක්‍රීඩාවෙ දර්ශනයක්. බුද්ධිය මෙහෙයවා ජයගත යුතු තීරණාත්මක අවස්ථා, ලොමු දැහැගැන්වෙන ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම්, අති නවීන පරිඝනක මෙවලම් ඔබේ මතකයට නැගේවි. කොහොම නමුත් මේ ක්‍රීඩාවලට පවතින ආකර්ෂණය නම් දවසින් දවස එන්න එන්නම වැඩි වන බව නම් පැහැදිලියි.

ඉතින් මෙන්න මේ වැඩිවන ආකර්ශණය සහ ක්‍රීඩාවල නිරත වෙන්න අපේ අයගෙ තිබෙන උනන්දුව වෙනත් මානයක් වෙත ‍රැගෙන ගොස් අපේ රටේ තරුණ බුද්ධිමත් පරපුරටත්, රටටත් නව මාවතක් එළි කරල දෙන්න ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) තරුණ සාමාජිකයන්ගේ අංශය(YMS) කල්පනා කළා. එම සංකල්පනාවේ ප්‍රථිඵලය බවට පත් වුණේ Cruncher 2011 පරිඝණක ක්‍රීඩා නිර්මානය කිරීමේ තරගාවලියයි. ශ්‍රී ලාංකේය පරිඝනක ක්‍රීඩා නිර්මාණය කර ඒවා ලෝක මට්ටමට ‍රැගෙන යාම තමයි ඔවුන්ගේ මූලික අභිප්‍රාය. ඒ හින්දම තමයි ඔවුන්ගෙ තේමාව විදියට make games-make global කියල යොදාගෙන තිබෙන්නෙ. ඒ වගේම තමයි මෙවැනි තරගාවලියක් අපේ රටේ පැවැත්වෙන පළමු වතාවත් මේකයි.

කෙනෙකුට හිතෙන්න පුලුවන් ඇයි මේ වගේ දෙයක් මේ අවස්ථාවෙදි කරන්න ඔවුන් හිතුවෙ කියල. අපේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන් රන් දොර‍ටුවක් විදිහට ඔවුන්(YMS) පරිඝණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ ක්ෂේත්‍රය හඳුනාගෙන තියනවා.. ඔබ විශ්වාස කරනවද ඇමරිකා එක්සත් ජනපදය හොලිවුඩය නැමැති ඔවුන්ගේ අතිශය ජනප්‍රිය සිනමා කලාවට වඩා ආදායමක් ඔවුන් ඔවුන්ගේ පරිඝණක ක්‍රීඩා කලාව තුලින් උපයන බව... ඒ වගෙම 2003 වසරේ සිට 2006 වසර දක්වා සැලකීමේදී පරිඝණක ක්‍රීඩා වල වර්ධන වේගය 17% කටත් වඩා වැඩි ප්‍රමාණයකට පත් වෙලා. මේ වනවිට එය තවත් ඉහල ගිහිල්ලා.. ඔන්න ඕකයි ලෝකය තුල මේවාට තිබෙන ඉල්ලුම... YMS එක කියන්නේ මේ ඉල්ලුම සපුරාලන්න අපිටත් අපේ සම්පත් වලින් දායක වෙන්න පුලුවන් බවයි... ඉතින් ඔවුන්ට අනුව මේක තමයි හොඳම අවස්ථාව මෙවැනි තරගයක් සංවිධානය කරන්න.

ඔවුන් මෙම තරගය සංවිධානය කරන්නෙ IESL මගින් සංවිධානය කරන Techno 2011 කියන වාර්ෂික අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනයට සමගාමීවයි. තරගාවලිය පිළිබඳ සියළු තොරතුරු ලබාගන්න පුලුවන් www.cruncher.lk කියන වෙබ් අඩවියට ගියොත්. ඒ වගේම IESL Cruncher 2011 කියන Facebook මිතුරු සමාජයට සම්බන්ධ වෙල තරගය පිළිබඳ නවතම තතු විත්ති දැන ගන්න ඔබට පුලුවන්.

පාසල්(school), විශ්ව විද්‍යාල(undergraduate) සහ විවෘත(open) වශයෙන් තරගකරුවන් මූලික වශයෙන් කොටස් 3ක් යටතේ වර්ගීකරණය කෙරෙනවා. එයින් පසුව ඔවුන් ක්‍රීඩා නිර්මාණකරණයට යොදාගන්න පරිඝනක මෘදුකාංග සහ තාක්ෂණය අනුවත් යම් වර්ගීකරණයක් කෙරෙනවා. ඒ වගේම, පරිඝනක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමට දැනුම නැති, නමුත් නිර්මාණශීලී අදහස් ඇති අයට story board යනුවෙන් තවත් තරගයක් පැවැත්වීමටත් කටයුතු කෙරෙනු ඇති. අපේ රටේ පරිඝනක මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ‍රැසකගේ අධීක්ෂණයට යටත්ව විධිමත් නීති රීති පද්ධතියකින් සමන්විතවයි තරගය ක්‍රියාත්මක වන්නේ. කලින් සඳහන් කළ පරිදි සියලු විස්තර නිල වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්. ලියාපදිංචි වෙන්නෙ කොහොමද, ඉන් අනතුරුව කළයුතු දෑ මොනවාද වැනි අවශ්‍ය කරන සියලු තොරතුරු ඔබට එමඟින් ලබාගත හැකියි.

ඉදිරිපත්වන සියල්ලන්ට වටිනා සහතිකපතක් පිරිනැමීමටත්, ජයග්‍රාහකයන්ට ආකර්ශණීය මුදල් ත්‍යාග පිරිනැමීමටත් කටයුතු සංවිධානය කර හමාරයි. ඒ වගේම සහභාගි වන්නන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳවත්, නව තාක්ෂණයන් සහ මෘදුකාංග පිළිබඳවත් නව දැනුම ගෙන දෙන වැඩමුළු පැවැත්වීමටත් සංවිධායක මණ්ඩලය අදහස් කරනවා. ත්‍යාග සහ සහතිකපත්‍ර පසෙකට දැමූවත් අපේ රටේ ප්‍රමුඛ මෘදුකාංග ඉන්ජිනේරුවන් සමග කටයුතු කිරීමට ලැබීමම කොතරම් වරප්‍රසාදයක්ද? ඒ වගේම මෙය අති විශිෂ්ට දක්ෂතා ඇති අයෙකුට තම අනාගතය තීරණය වන අවස්ථාවක් වන්නටත් පුලුවන්.

ඒ වගේම ඔබ නිර්මාණය කරන පරිඝනක ක්‍රීඩා අතුරින් යම් ‍තෝරාගත් ප්‍රමාණයක් www.cruncher.lk නිල වෙබ් අඩවිය ඔස්සේ සාමාන්‍ය ජනතාවට බාගත(download) කිරීමට අවස්ථාව ලබා දී එමගින් ජනප්‍රියම ක්‍රීඩාව ‍තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමටත් අදහස් කර තිබෙනවා. ශ්‍රී ලාංකේය ආරකින් (Sri Lankan touch) නිර්මාණය කෙරෙන අපේ ක්‍රීඩා සඳහා ගෝලීය අවධානයක් ලබාදීමේ පළමු පියවර මෙය වනු ඇති.

ඔබ මීට පෙර ක්‍රීඩා නිර්මාණය කර තිබීම අනිවාර්ය වන්නේ නැහැ. වඩා වැදගත් වන්නේ ඔබ කොතරම් නිර්මාණශීලීද යන්න පමණයි. ඉතින් ශ්‍රී ලංකා නාමය පෙරට ගෙන ගොස් "make games-make global" යන තේමාව අරුත් ගන්වන්නට ඔබත් කැමති නම් නොපමාව Cruncher 2011 සඳහා ලියාපදිංචි වන්න. මේ ඔබේ අවස්ථාවයි...

වැඩි විස්තර සඳහා : ieslcruncher2011@gmail.com
www.cruncher.lk
Lakshitha : 0718359944 Bhathiya : 0772975634 Aabid : 0716390321

2011-04-11

කාලය කොතරම් නපුරුද..........


හ්ම්ම් අද හරියටම 2011ක් වුන අප්රේල් කියල මාසෙක 11 වෙනිදා….වෙලාව රෑ 11යි 13යි…..මාස හතරක් තිස්සෙ මම මගෙ ඊලඟ බ්ලොග් පෝස්ට් එකට නිමිත්තක් හෙව්වාහිතට වදින නිමිත්තක් නැතුව ලියවෙන පෝස්ට් එකකින් වැඩක් නෑ කියන එක තමයි එදා ඉඳන්ම මම හිතුවේහැමදාම පෝස්ට් දාන උදවිය ඕකට හිත් අමනාප කරගන්න ඕන නෑ ඕන්මං කිව්වෙ මට හිතෙන මගේ මතය..කොහොම වුනත් කාලෙකට පස්සෙ මේ මහ රෑ එක පාරටම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතුනේ ඒකට හරියන නිමිත්තක් අද දවසෙ මගේ ඇස් දෙක ඉදිරිපිට සිද්ද වුන නිසා වෙන්නැති

ඇත්තටම අපේ ජීවිත වල තියෙන්නේ මහ පුදුමාකාර ගුප්ත බවක්..අපි අද මෙහම හිටියට හෙට කවුරු එක්ක කොහොම කොතැනක ඉඳීද කියන එක ගැන කාටවත් හරියටම කවදාවත් කියන්න බෑඅපේ ජීවිත වලට එක එක මිනිස්සු එක එක කාල වලඩි එක එක වේශයන්ගෙන් එනව වගෙම ටික කාලෙකින් මිනිස්සුම අපෙන් තාවකාලිකව හෝ සදාකාලිකව වෙන්වෙලා ගිහිල්ලා තවත් අලුත්ම පිරිසක් අපේ ජීවිත වලට එනව වගේම කවද හරි මිනිස්සු ආපහු හමුවෙනකොට අපේ ජීවිත වල මිනිස්සුන්ගෙ ජීවිත වල මොන මොන විලම්බීත වෙලා තියනවද කියල දෙවියො තමයි දන්නේ.....ඉතින් ඇත්තටම අන්තිමට බැලුවොත් අපි හැම දෙනාගෙම ජීවිත ගොඩනැගිල තියෙන්නේ හමුවීම් හා වෙන්වීම් වලින්ම කියල කිව්වොත් ඒකෙත් වැරද්දක් නැහැ

මමයි මල්ලියි අද ආවා ගම්පහ අවුරුදු නිවාඩුව ගත කරල යන්න අපේ ආච්චිලගෙ ගෙවල් වල.. ගම්පහ කිව්වට ඉතින් ගම්පහම නෙමෙයි….පල්ලේවෙල...... සමහරු නම් අහල ඇතිඇත්තටම ලස්සන ගමක්අපි දෙන්න මෙහෙට එනකොට හවස හතර විතර වුනාඇවිල්ල මූන කට එහෙම හෝදගෙන ආච්චි උයල දීපු රස බත් පිඟානත් අරගෙන දවල්ට කන්න ලෑස්ති වෙනකොටම ගේට්ටුව පැත්තෙන් සද්දයක් ඇහුන….ඔලුව උස්සල බලනකොට කවුදෝ ගෑනු මනුස්සයෙක් (වයස අවුරුඩු 37ක් විතර ඈති ) ගෑනු ලමයි දෙන්නෙකුත් එක්ක.....එක ලමයෙක් වඩා ගෙන ගෙදර දොරකඩට ඇවිල්ල ආච්චිත් එක්ක කතාව පටන් ගත්ත.. ඇය ඉල්ලා හිටියේ කන්න යමක් දෙන්න කියලමේ සද්දෙ ඇහුනු පුංචි අම්මත් ටිකකින් එතනට ගියා....ඊට පස්සේ වුනේ මට හිතාගන්නත් බැරිදෙයක්..

එක පාරටම පුංචි අම්ම මේ ගෑනු මනුස්සයව අදුනගෙන වගේ කතා කරන්න ගත්තා….

පුංචි අම්ම : ඔයා කොහෙද ගෙවල්?

ගෑනු මනුස්සයා : වරකපොලට එහා…..

පුංචි අම්ම : එතකොට බෝතලේ පැත්තෙ හිටියේ නැද්ද ? ( බෝතලේ කියල ගමක් තියනවා)

ගෑනු මනුස්සයා : බදින්න කලින්නෙ අක්කේ

(ගෑනු මනුස්ස්යගෙ මූනට එලියක් ආවඅඳුනන නිසා මොනව හරි ලැබෙයි කියල වෙන්න ඇතී

පුංචි අම්ම : ඔයාගෙ නම කුමුදුනී නේද ?

ගෑනු මනුස්සයා : නෑ අක්කේ.. මගේ නම…..(නමක් කිව්ව මතක නෑ.. )

කුමුදුනී කියන්නෙ අක්කේ පොඩි කාලේ මට අම්මයි තාත්යි ආදරේට කියපු නම නේ

පුංචි අම්ම : බැඳල කොහෙද හිටියේ…???

ගෑනු මනුස්සයා : බැඳල පල්ලෙවෙල හිටිය…. මේ අක්ක මාව දන්න්වද???

පුංචි අම්ම : බඳින්න කලින් පල්ලෙවෙල කොහෙවත් හිටියෙ නැද්ද?

ගෑනු මනුස්සයා : මට නිච්චියක් නෑ නේ අක්කේ

පුංචි අම්ම : ඔයාට මතක නැද්ද ඔයා බඳින්න කලින් පල්ලෙවෙල ගෙදරක හිටිය… ?????

(මමයි ආච්චියි දැන් බලන් ඉන්නව මේ මොකද්ද මේ වෙන්න යන්නේ කියල )

ගෑනු මනුස්සයා : අනේ මට එච්චර මතකයක් නෑ අක්කේ……

පාර පුංචි අම්ම බාප්පට කතා කලා…….. බාප්පව දැක්ක ගමන් ගෑනු මනුස්සය….

අනේ අක්කෙ මට මතකයි දැන් තමයි මට මතක් වුනේමං අක්කලගෙ ගෙදර නේද කාලෙ හිටියේ.. අර පොඩි බබෙක්ව බලා ගත්තේමට අක්කව එච්චර මතක තිබුනේ නෑ ඒත් මේ අයියව දැක්කම තමයි මතක් වුනේ….”

කියල එක පාරටම කියාගෙන යන්න ගත්තා…. බාප්ප පාර ගෑනු මනුස්සයගෙන් තව විස්තර ඇහුවවිස්තර අහල අද දවාලට මනුස්සයට කන්න දුන්න ලමයින්ටත් එක්කමපොඩි එකාට අවුරුදු එක හමාරයිලොකු ලමයට අවුර්දු 14ක් කිව්වඒත් දෙයියනේකොහොමද මෙහෙම හැම දාම හිඟමන් වලින් විතරක් ජීවත් වෙන්නේ…. ????

මනුස්සයගෙ හරි නම මොකද්ද කියල මං දන්නෙ නෑබාප්පලගෙ ලොකු නංගි පොඩි කලේ කියන්නෙ එයාට අවුරුදු දෙකක් විතර වෙනකොට එයව බලගන්න කෙනෙක් ඕන වෙලා තියනවමේක බාප්ප මෙහෙ ගමේ කෙනෙකුට කිව්වමඑයාට කොලඹදි කුමුදුනී කියපු මේ ලමය මුනගැහිල තියනවාකුමුදුනී එතකොටත් අඹේපුස්සෙ ගෙදරක වැඩ කරල එතනින් කොලඹ ගෙදරකට දාල එතනින් ගහනව කියල පැනල ඇවිත් යන්න තැනක් නැතුව තමයි ඉඳල තියෙන්නේ.. එතකොට කුමුදුනීට වයස අවුරුදු 17ක් විතර ඇතිලුඊට පස්සේ කොහොම හරි අර මනුස්සය කුමුදුනීව අරගෙන ඇවිත් බාප්පලට බාරදීල තියනවා.. කොහොම වුනත් කුමුදුනී ගේ අම්මල තාත්තලට මෙයා ඉන්න තැන ගැන දැනුවත් කරනන් ඕන නිසා දවසක් බාප්ප විස්තර අහගෙන බෝතලේ ගිහිල්ල තියනව ගෙදර හොයාගෙන.. එතකොට තමයි දැන ගන්න ලැබිල තියෙන්නෙ කුමුදුනීගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති බව එයාල වැඩ කරල තියෙන්නේ ශ්රී ලංකන් ගුවන් සේවයේ…...දවසක් කාර් අනතුරකින් දෙන්නම ජීවතුන් හැර ගිහින්……මෙයාව විතරක් මේ ලොකේ තනිකරල ඊට පස්සේ කුමුදුනී හැදිල තියෙන්නේ එයාගේ නෑදෑ සනුහරෙත් එක්ක

එයාල තමයි බෝතලේ ඉඳල තියෙන්නේ.. ඊට පස්සේ බාප්ප එහෙට ගිහිල්ල විස්තරේ කිව්වම එයාලත් කැමති වෙලා කුමුදුනීව බාප්පලත් එක්ක තියන්න….ඒත් ටික කාලයක් ගියාට පස්සේ එක පාරටම ඇවිල්ල මොකද්දෝ ලොකු බොරුවක් කියල මෙයාව ආපහු අරගෙන ගිහින් තියනවා…. මීට අවුරුදු 15කට විතර උඩදීඊට පස්සේ අවුරුදු 15ක් තිස්සෙ මේ මනුස්සය ගැන ආරංචියක් ලැබිල නෑ අද වෙනකම්.. ආහ්. කසාදයක් බැඳල පල්ලෙවෙලම පදිංචි වෙලා ඉන්නව කියල විතරක් දැන ගන්න ලැබිල තියනව එච්චරයි

ඔය ටික මං අහගත්තේ සෙරම ඉවර වෙලා බාප්පයි පුංචි අම්මයි එක්ක මේ ගැන කතා කරනකොට.. බාප්ප මට කියපු විස්තරේ මුල ටික තමයි ඔයඉතුරු ටික කිව්වෙ කුමුදුනීම එයා කෑම කන වෙලාවේ මනුස්සය කියපු කතාව ඇත්තටම හරිම අනුවේදනීයයි..

සමාජ සම්මතයන් එක්ක ජීවත් වෙන කෙනෙකුට වුනත් තමන්ගෙ ජීවිතය වෙනස් වෙන හැටි හිතාගන්න බැරිබව කතාවෙන් මට හොඳටම තේරුනාමං මේ වගේ දේවල් ඕන තරම ටීවී එකෙන් කතා පොත් වලින් ජීවිතේට අරගෙන තියන්ව.. ඒත් වගේ දෙයක් ඇත්තටම තමන්ගෙ ඇස් දෙක ඉදිරිපිට සිද්ද වෙන එක බ්ලොග් පෝස්ට් එකක් දක්වා යන තරමට මාව සංවේදී කරයි කියල මං නිකමටවත් හිතුවෙ නෑ….

එදා කුමුදිනීව එක්ක යන්න ඇවිල්ල තිබුනෙ හදාගත්තු අම්මගෙ ඇත්ත දුව..එය රට යනවාය නිසා අම්මට සාංකාව වගේය කියලයි කුමුදිනීව එක්කන් යන්න ඇවිල්ල තිබුනේ.. කුමුදිනීත් අම්මට හුගක් ආදරෙයි..ඒකත් ඇත්තනේ.. තමන්ගෙ අම්ම නැති කොට හදාගත්තු අම්මටවත් ආදරේ කරන්න ඕනනේ.. ඉතින් මෙයත් එක පයින් කැමති වෙලා ගිහිල්ලාඊට පස්සෙ අර මිනිස්සු කරල තියෙන්නේ එහෙදි මෙයාව මිනිහෙකුට කසාද බන්දල දීලා මනුස්සයත් නිකන් මනුස්සයෙක් නෙමෙයි බීරෙක් ලු විතරක් නෙමෙයි නොම්බර එකේ බේබද්දෙක් ලුඉතින් ජීවිතයක් විනාස වෙන එක අහන්නත් දෙයක්ද?

මනුස්ස්යට දාව දරුවො 4ක්…….. පිරිමි ලමයි දෙන්නයි ගෑනු ලමයි දෙන්නයිඔහොම ජීවත් වෙනකොට දවසක් වාහනේකට යට වෙලා අර කසාද මනුස්සය මැරිලඇයි ඉතින් බීරෙක් නේ ඇහෙන්නෙ නැති නිසා දකින්න නැතුව ඇතිඊට පස්සේ මෙයා තනියෙන් රස්සාවක් කරන්න ගිහින් එතනත් මාස 5ක් වැඩ අරගෙන පඩි දෙන්නෙ නැතුව එලවල දාල..අන්තිමට කරගන්නම දෙයක් නැති කමට පිරිමි දරුවො දෙන්න මහණ කලාලු

හිතල බලන්න……. කරන්නම දෙයක් නැති කමට පිරිමි දරුවො දෙන්න මහණ කරල තියෙන්නේඊට පස්සේ කොහෙන් හරි කාමර කෑල්ලක් ලැබිල තියනව ජීවත් වෙන්න...දැන් ඒකෙ ජීවත් වෙනව අර ගෑනු ලමයි දෙන්නත් එක්ක.. පොඩි එකාට අවුරුදු එක හමාරයි.. ලොකු ලමයට අවුරුදු 14ක් විතර…. හැමදම ඉතින් හිඟමන් ගිහිල්ල හාල් ටිකක් පොල් ගෙඩියක් එකතු කරගෙන ගිහිල්ල උයාගෙන කනවලු….. අද දවල් ගෙදර වාඩි වෙල කන ගමනුත් කුමුදිනී කිව්වෙ අනේ මං අක්කයි අයියයි එක්ක හිටියනම් තාමත් සතුටෙන් ඉන්නව නේ නේද කියල

කුමුදිනී ඊට පස්සේ කෑම එහෙම කාලා බීලා යන්න ගියා.. ලමයි දෙන්නත් එක්ක.. සමහර විට ආපහු යන්න ඇත්තේ රෑට කෑමට දෙයක් හොයාගෙන තවත් ගෙදරකට වෙන්න ඇති.... ඒ තුන්දෙනා අන්තිම තිතටම නොපෙනී යනකන් අපි හතර දෙනා බලාගෙන හිටියේ මනුස්ස ජීවිතයක් කියන්නෙ මොන තරම් සංකීර්ණ අපිට තේරුම් ගන්න බැරි දෙයක්ද කියල හිතමින්... මොකද්දෝ කියාගන්න බැරි දෙයක් එක එක්කෙනාගෙ හිත් ඇතුලෙ හිර කරගෙන බව අපිට අපේම මූනු දිහා බැලුවම තේරුනා.....

ඔන්න ඕකයි කතාව….

අවුරුදු 15කට කලින් හුඟක් සතුටෙන් මේ ගෙදරින් පිට වෙලා ගිය කුමුදිනී අද අහම්බෙන් ආපහු ආවේ කන්න දෙයක් නැතුව තව දරුවො දෙන්නෙකුත් එක්ක හිඟමන් ඉල්ලගෙනකලින් කිව්ව වගේ අපිට අපේ ජීවිත වලට යන එන මිනිස්සු හමුවෙනවා වෙන්වෙනවා සමහර අය ටික කාලෙකට තවත් අය ලොකු කාලෙකට පස්සෙ ආපහු හමුවෙනවා….

ඒත් අවස්ථා සතුටෙන් කෙලවර වෙනව විතරයි මම නම් දැකල තියෙන්නේ..

ඒත් මේක ඊට වඩා වෙනස්..මෙතන දැනුනේ පුදුමාකාර දුකකුයි අනුකම්පාවකුයි විතරයි ඒත් මේ විදියට හමුවෙන එක නම් කොහෙත්වම සාධරණ විනිශ්චයක් නෙමෙයි කියලයි මට හිතුනේ.. දෙවියන් හෝ දෛවය හෝ කවුරු හරි…..අපේ ජීවිතත් එක්ක මහ පුදුම සරදමක් කරන්නේ කියල මට අද පලවෙනි වතාවට හිතුනේ මේ වෙච්ච දේත් එක්ක

මං දන්වා පෝස්ට් එක දිග වැඩියිකියවන්න හිතෙන එකකුත් නෑ..ඒත්තාමත් මගෙ හිතේ ඇති වුන සන්තාපය පහවෙලා ගිහිල්ල නෑඒක නිසා වෙන්න ඇති අද පෝස්ට් එක ලියනකොට හරියට පද ටික ගැලපෙන්නෙ නැත්තෙත්….

හ්ම්ම් දැන් වෙලාව 1යි 11යි..හෙට උදෙන්ම ආපහු 5යි 15 ඇහැරෙන්නත් ඕන..එක දිගට පෝස්ට් එකක් ලියපු පලවෙනි පාරද මන්ද….පැය දෙකක් තිස්සෙ හිතේ තිබුනු ආවේගෙත් එක්ක ඔට්ටු වේවී හරි මෙහෙම ලියාගත්තේ මට මගෙ හිත නිදහස් කරගන්න ඕන වුනු නිසා….

ඔයාලත් හිතල බලන්න තමන් එක්ක එක ගෙදර එකට ඉඳගෙන එක බත් එක කාපු මනුස්සයෙක් අවුරුදු පහලවකට පස්සේ දරුවො හතර දෙනෙකුත් එක්ක හිඟමන් ඉල්ලන්න තමන්ගෙම ගෙදරට ආවොත් මොන වගේ හැඟීමක් ඔයාලට දැනෙයිද? ????

ඒක නිසා වෙන්න ඇති රෑ කෑම කාල ඉවර වෙලා පුංචි අම්මා අපිත් එක්ක කිව්වේ.. පුතේ අද නම් මගෙ ජීවිතේ හුඟක් දුක හිතුනු දවසක් කියලා……….

බලන්න කාලය කොතරම් නපුරුද කියලා …..….